Friday, May 1, 2015

315. පළමුව මව්බිම, දේයි, දේයි, බුදු අම්මෝ සහ පස්සට කරන්ට් ඇල්ලීම. ....2


Ravaya.lk

එදින රැස්වීමෙහිදී ළමයි දෙදෙනෙක් එකවර උඩ දැමූ එතුමාට ගණං වැරදිනි. එතුමා ආපසු අල්ලාගත්තේ එක ළමයෙක් පමණි. බරපතල අනතුරක් නොවූයේ එතුමාගේ ආරක්ෂකයකු වහා ඉදිරියට පැන අනික් ළමයා සුරැකිව අල්ලාගත් බැවිනි.

" මේ අමරේ..බැරිද ඔය ළමයින්ට කියල අත්දෙක උස්සල ජයවේවා..ජයවේවා කියල කෑගහන්ට පුරුදු කරවන්ට. අන්න එහෙම කරන්ට පුලුවන් නම් මල් හතයි. ඔය ළමයිංගෙ අම්මලාට කියල බලාපංකො. කියපං රුපියල් දාහ වෙනුවට පන්දාහක් දෙනව කියල එහෙම පුරුදු කරන්ට පුලුවන් නං.."

" මම හිතන්නෙ නෑ බොස්..මේ අවුරුද්දක හමාරක පොඩි එවුං ලව්වා ජයවේවා කියල කියවන එක කරන්නෙ කොහොමද? "



" හරි හරි එහෙනං ඒක අතෑරල දාපං...මම කතාවෙදි කියන්නං ළමයි එහෙම කිව්වයි කියල. "


" හිහ්,හිහ්...මිනිස්සු විස්වාස කරයිද බොස්? "

" බයවෙන්ඩ එපා මිනිස්සු විස්වාස කරනව බං..මිනිස්සු විස්වාස කරනව..ඇස් දෙක දොඹගෙඩි වගෙ කරගෙන අපෙ හාමුදුරුවනේ කියල පටන්ගෙන කිව්වොත් ඕන එකක් මිනිස්සු විස්වාස කරනව..මම ඒක දන්නව ටක්කෙටම. "

අම්මාපල්ල මූ තමයි දවසකටවත් මිනිහ. මූට එච්.ඊ. නෙවෙයි කියන්ට ඕන එච්. පී. කියල වල් අමරේ එසේ සිතූයේ කට කොණකින් සිනහ සෙමිනි. 

" මේ පොඩි එකා ජයවේවා කිව්ව කතාව නැඟල ගියොත් බං මම ඊලඟට මොකක්ද දන්නවද කියන්ට හිතාගෙන ඉන්නෙ? " එතුමා බුරුසුව පිරිමදිමින් ඇසුවේය. " උඹත් ගනිං බං එකක්.." ආයෙම කීවේය.

" ඔය මාස අටේ පොඩි එකා අත් උස්සල ජයවේවා කියල කිව්වයි කියන කතාව නැඟල ගියානං ඊළඟට මම කියන්ට හිතාගෙන හිටියෙ මෙහෙම"

ෂොට් එක උගුරට හලාගත් එතුමා නැඟී සිටියේය.රැල් බුරුල් හැර සාටකය එහෙම හදාගත් එතුමා පැත්තකට හැරී යාන්තමට කොන්ද නමා වැන්දේය. 

" ඒ බං හාමුදුරුවරුංට,.......අපෙ හාංදුරුවනේ කියල ඔහොම යන්තමට වැන්දහම එයාලගෙ කරෙත් ගිහෑකි. හෙහ්,හෙහ්, තව ඉඳහිටල ඔය බෙන්ස් එකක යතුර එහෙම පිරිකර විදිහට පූජා කලාම ආය නෑ කරෙං බහින්ටම ඕන නෑ. මම බහින්ට හැදුවත් බහින්ට දෙන්නෙ නෑ. ඔය ඒ වගෙ එක ලොක්කෙක්නෙ අර කිව්වෙ අවුරුදු විසිපහකට චන්ද නොතිය මටම රට පාලනය කරන්ටය කියල. එවුන්දැ දන්නෙ නෑ අවුරුදු විසිපහකට නෙවෙයි ජීවිත කාලෙටම මේ රටේ රජ්ජුරුවො වෙන එකයි මගේ අදිස්ටානෙ කියල. " 

" හික්.හික්. රයිට් මෙහෙමයි එහෙනං කතාව..අපෙ හාංදුරුවනේ...මම මේ රැස්වීම් වලට එනකොට අම්මල තාත්තල ඇවිල්ල පොඩි දරුවො දෙනව මට වඩා ගන්ට කියල. මම රැස්වීමකට එනවයි කියල ආරංචි උනහම ඒ ළමයි ගෙවල් වල පොළවෙ පස්කනවලු මහින්ද මාමිට කියල මගෙත් ඔලුව අතගාව ගන්ට ඕනය කියල.ඔහොම එක ළමයෙක් දවස් හතක් හිටියලු වතුර උගුරක්වත් බොන්නෙ නැතුව. අන්තිමට ඒ ලමය මගෙ ගාවට ගෙනාවෙ හාමුදුරුවනේ ඇඳක තියල උස්සගෙන. ආ පුතා මම තමයි මහින්ද මාමි, කියල මම ඒ දරුවගෙ ඔලුව අතගෑවෙ එක පාරයි හාමුදුරුවනේ විස්වාස කරන්ට මේ ළමය අත්දෙක යන්තමට උස්සල අපේ මහ රජතුමාට ජයවේවා කියල යන්තමට කෙඳිරි ගෑව.නොකා නොබී ඉඳල කතාකරගන්ටවත් පණක් නෑ. ඒත් කිව්වෙ මහරජතුමාට ජයවේවා කියල. " 

" ඔන්න ඒක තව කමක්නෑය කියමු. මේ පෙරෙයිද ඒත් මා ගාවට ආව එක බඩදරු අම්ම කෙනෙක්. ඇවිල්ල මගෙ අත්දෙකම අල්ලල කියනව ඇස් දෙකේ කඳුලු පුරවාන අපෙ හාමුදුරුවනේ......ඔබ තුමා තමයි අපේ එකම පිහිට. ඔබතුමාට...එහෙම කියනකොට ඒ අම්මට කතාකරගන්ට බැරිවුනා. ඒ එක්කම මට හෙමිහිට ඇහෙනව යන්තමට මේ කොහෙහරි ඇතුලක ඉඳල වගෙ සද්දයක් ජයවේවා, ජයවේවා කියල.අර අම්මටත් පුදුමයි, කොහෙන්ද මේ සද්දෙ එන්නෙ කියල.තව ටිකක් හොඳට කන්දිහාල බැලුව අපි දෙන්නම. අනේ හාමුදුරුවනේ ඒ ජයවේවා කියල සද්දෙ එන්නෙ ඒ අම්මගෙ බඩ ඇතුලෙං, බඩේ ඉන්න දරුවා... මම පස්සෙ ඇහුව ඒ අම්මගෙං මාස හතක් වගෙ කියල කිව්ව..ඒ නූපන් දරුව තමයි අර කෑගැහුවෙ ජයවේවා, ජයවේවා කියල. " 

ආපසු ඩෙක් චෙයාර් එකේ හිඳගත් එතුමා උජාරු බැල්මකින් අමරේ දෙස බැලුවේය. " කොහොමද බං කතාව? නොම්බර එකයි නේද? "

" හික්, හික්...ආයෙත් අහල බොස් මල් හතයි.ඉපදෙන්ට ඉන්න ළමයි පිරිමිද ගෑණුද කියල කියන්ට මීට පස්සෙ ඉස්කෑං කොරන්ට ඕන වෙන එකක් නෑ. " අමරේ එහෙම කිව්වේ තව ෂොට් එකක් වක්කර ගනිමිනි. 

" ඒ මොකෝ බං එහෙම කිව්වෙ? ..." එතුමාගේ නලලද රැලි වුනේය. 

" නෑ බොස්ට තියෙන්නෙ බඩේ ඉන්න පොඩි එකාට මෙහෙම කියන්ට. ආ මේ ළමයො. දැං ඇති ඔය ජයවේවා, ජයවේවා කියල කෑගැහුව. ඔහොම කෑගහන්ට බැරුවය ඔතනිං එලියට ආපු දාක. ඒක නෙවෙයි මේ ඔය ළමයගෙ අම්මට දැනගන්ට ඕනලු ඔය ළමය පිරිමිද ගෑණුදැයි කියල. අනේ ළමයො ඔහොම්මම පොඩ්ඩක් දෙකට නැමිල කිරිපල්ල අතගාල බලල කියන්ටකො ඔය ළමය පිරිමිද ගෑණුද කියල...හිහ්,හිහ්..බොස්ට තියෙන්නෙ බඩේ ඉන්න ළමයගෙං අන්න එහෙම අහන්ට. "

" හික් හික් අම්මප උඹටත් අමරෙ එන කල්පනාවල්... මේ ඒක නෙවෙයි මොකටද ඔය බෝනික්කෙක් උස්සගෙන ආවෙ? " 

" බොස් මම මේ බෝනික්කා ගෙනාවෙ පොඩ්ඩක් පැට්ටිස් වෙන්ට. ඉන්ටකො ඔන්න මම එන්නං බෝනික්කත් අරගෙන ඉස්සරහට..හරියට අර රැස්වීමෙදි ළමයත් අරගෙන අම්ම එනව වගෙ. ඔබ තුමා ඇවිල්ල බෝනික්කා වඩාගෙන උඩ දාල හුරතල් කරන්ට. අන්න හරි..කෝ තව ටිකක් උඩ දාන්ට. තව හිනාවෙන්ට හොඳට කට ඇරල..රයිට් බුරුසුව ටිකක් පුම්බල එහෙම අර පරණ බැරල් එකක් සැමන් ටිං පියනකිං හූරනකොට එන්නෙ..අන්න ඒ වගෙ ගොරෝසු ගාම්බීර කට අඬකිං කතා කරන්ට. මිනිස්සු කැමතියි එහෙම තුංකාලෙ මැටල් ගොඩක් ටකරමකට බානව වගෙ සද්දෙං කතා කරනවට. " 

" අනික් කාරනේ උඩ වීසිකරපු ලමයි ඔක්කොම මතක ඇතුව ආපහු අල්ලන්ට. මතකනෙ අර ගිය සුමානෙ රැස්වීම ?. දෙන්නෙක් උඩ විසි කලා. එක්කෙනයි ඇල්ලුවෙ. "

" මට ගණං වැරදුනා බං..." එතුමා ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන කීවේය. " මට කොහොමටත් පොඩි කාලෙ ඉඳලම ගණං බෑ."

ඒ කතාව ඇත්තය. එතුමාට විතරක් නෙමේ එතුමාගේ පවුලේ කාටත් ඉගෙනීම අරහංය. ඒ ලෙවල් එස් තුනක් හොයාගන්ට එතුමාගේ මුලු පවුලම එකතු කලත් බැරිබව රට පුරා ප්‍රචාරය වුනු කසුකුසුවකි. එතුමා පෙරකදෝරු විබාගය පාස් වීමද ඒ වගේම බොහොම අපූරු කතාන්තරයකි.

" එහෙම කියල හරියන්නෙ නෑනෙව බොස්... ළමයෙක් බිම වැටිල මොකක් හරි වුනොත් අනේ මට ගණං බෑ කියල හරියනවද? අඩු ගානෙ උඩ විසි කරන ළමයි ගාණ අල්ලෙවත් ලියල තියාගෙනට.එතකොට වරදින්නෙ නෑනෙ. " 

" හරි හරි හරි....එහෙම මොකක් හරි වත් කරමුකො.. වෙන මොනවද අඩුපාඩු? " එතුමා ඇසුවේය.

" ආ..තව එකක් අද බොස්ගෙ අර පපුවට ගහ ගැනිල්ලත් හරියට කෙරුනෙ නෑනෙ. වෙනද ඔහොමද? පළමුව මව්බිම කියල පපුවට ගහ ගන්නකොට දඩීං ගාල එන සද්දෙ ලවුස්කීපර් වලින් මුලු පිටැන්න පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරිල යනකොට, වටේ තියන බිල්ඩිංවල හැප්පිල දෝංකාර දෙනකොට මිනිස්සු මීයට පිම්බ වගෙ බලාගෙන ඉන්නෙ. හුස්ම ගන්ටවත් අමතක වෙච්චි ගානට. "

" උඹ මේ මඟුලක් කතා කරනව..මෙන්න බලාපං වෙච්චි දේ..." 

කරවටේ ඔතාගෙන උන්නු සාටකේ අයිං කරල එතුමා ඇඳගෙන උන්නු බුෂ් ෂර්ට් එකත් උස්සල පපුව හරිය පෙන්නුව අමරෙට. මේ වෙනකොට සෑහෙන්න කළුවර වෙලා. අමරෙ සාක්කුවෙ තිබ්බ පොඩි ටෝච් එක අරගෙන පත්තුකරල එතුමගෙ පපුව දිහා බැලුව. අමරෙගෙ ඇස් උඩ ගියා..පපුවෙ මැද රතුපාට ලේ පුරපු පැල්ලම් වගෙ තියනව තුනක්ම. හරියට කවුරුහරි අත මිටි කරල තද පාරක් සැරට ගැහුව වගෙ. 

" අප්පච්චියේ මොකක් වෙලාද බොස් මේ? "

" බං උඹ දන්නවනෙ මම ඔය මව්බිම, මව්බිම, මව්බිම කියල මරහඬ තියල දබෝං දබෝං ගාල පපුවට ගහගන්නකොට රබර් කාපට් එකක් කමිසෙට යටිං බැඳගෙනයි ඒ වැඩේ කරන්නෙ කියල. එකක් ඒක හාට් එකට ආරක්ෂාවයි. දෙක එතකොට තමයි පළාතම එක නින්නාදවෙන්ට අර අපූරු සද්දෙ එන්නෙ. "

" ඉතිං බොස්? "

" ඉතිං අද මම දුවගෙන දුවගෙන ගිහිල්ල ඉස්ටේජ් එකට පනිනකොට වෙච්චි වැඩේ කාපට් එක බැඳල තිබ්බ ලණ්ණ බුරුල්වෙලා ඒක බැස්ස බඩ දිහාට. "

" කෙලියා..ඉතිං බොස්ට තිබ්බෙ අර ගෝරිල්ල වගෙ පපුවට තඩිබාගන්න සීන් එක අද අතෑරල දාන්ටනෙ. "

" එහෙම තමයි මාත් හිතාගෙන හිටියෙ. ඒත් කතාව නැඟල ගියපාර මට ඒක අමතක වුනානෙ ඕයි. රට ජාතිය වෙනුවෙං විදුලි පුටුවට වුනත් යන්ට මම ලෑස්තියි කියල මයික් එක හපල කෑගහල පළමුව මව් බිම කියල දන්නෙම නැතුව තඩි බාගත්තෙ නැද්ද පපුවට..මට එහෙම්මම බුදු අම්මේයි කියවුනා අම්මපල්ල. "

" ඉතිං? "

" පලමුව කිව්වම තව දෙපාරක් කොහොමත් කියන්ට එපාය. ඒ පාර මොනව කරන්ටද දත්මිටි කාගෙන තව දෙපාරක් පපුවට ගහ ගත්ත. පළමුව මව්බිම!!! දේයි..බුදු අම්මේයි, දෙවනුව මව්බිම!!! දේයි..බුදු අම්මේයි, තෙවනුව මව්බිම!!! දේයි..බුදු අම්මේයි "

" මොකක්ද බොස් ඔය විදුලි පුටුව කියන්නෙ? "

" ඇත්තම කිව්වොත් මාත් ඔය එක එකා කියනවට විදුලි පුටුව විදුලි පුටුව කිය කිය උඩපැන්නට හරියටම ඔය මඟුල මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ. මම මේ ඊයෙ පෙරෙයිද වෙනකල් හිතාගෙන උන්නෙ ඔය අර කරන්ට් එකෙන් වැඩ කරන රෝද පුටුවක්ය කියල. ඒකනෙ මම බය නැතුව ගලනාලය අතේ අරගෙන කෑගැහුවෙ මම බය නෑ විදුලි පුටුවට කියල. බලනකොට බං ඒක ටිකක් සිරා කේස් එකක්. ඔය විදුලි පුටුවෙ අපරාදකාරයො ඉන්දවල කරන්ට් වද්දල මරල දානවලු. " පට්ට හීතලේ උනත් එතුමාට සුට්ටිවට වගෙ හීං දාඩියකුත් දැම්ම.

" නැහ්?..මාර සීන් එකනෙ...ඉතිං බොස් මොකද දැං කරන්ට හිතාගෙන ඉන්නෙ? " අමරෙ ඇහුව ඇස් දෙකත් ලොකු කරගෙන..

" හෙහ්, බය වෙන්ට එපා. එව්වට තියනව බං ක්‍රම සහ විධි...උඹ අහල තියනවද රස්පුටින් ගැන..."

" ඔව්..අර රුසියාවෙ ජනාධිපතිිද කොහෙද නේද? ඇයි බොස් මිනිහ කචල් එක දානවද? "

" ඒ මොකටද බං රුසියාවෙ ජනාධිපති මට කචල් එක දාන්නෙ? "

" නෑ අර බොස්ගෙ ගෝලයෙක් රුසියන් කෙල්ලෙකුට මොනවද කරා කියල නඩුවක් තියනව නේද? අර හෝටලේක....අර කවුද මරලත්..... මම හිතුවෙ.."

" මේ කටවහගෙන ඉඳපං...එව්ව මම ගානට සෙට් කරල ඇති..ඒ රුසියන් ජනාධිපති ඇවිල්ල පූටින්..එයා ගැන නෙවෙයි මම මේ කිව්වෙ...අවුරුදු සීයකට වගෙ ඉස්සර ඒත් රුසියාවෙ හිටපු මනුස්සයෙක් ගැන..මිනිහගෙ නම ඇවිල්ල රස්පුටිං, " 

" ඉතිං මොකක්ද ඔය රස්පුටිංගෙයි බොස් විදුලි පුටුවට යන එකෙයි තියෙන සම්බන්දෙ? "

" ඔය රස්පුටින්ට දෙතුන් පාරක් වහ දීලත් මිනිහ මලේ නෑ. එහෙම වුනේ මිනිහ ඔය සීන් එක කලින් දැනගෙන පොඩ්ඩ පොඩ්ඩ කලින් ඉඳල වහ කාල පුරුදු වෙච්ච නිසා. "

" නෑහ්? ....."

" නෑ නෙවෙයි බං එහෙම තමයි වෙලා තියෙන්නෙ..ඉතිං මමත් ලෑස්ති වෙන්නෙ කරන්ට් වද්දගෙන පුරුදු වෙන්ට. "

" අම්මප? බොස්ටත් මාර අයිඩියාස්නෙ එන්නෙ...හිහ්..හිහ්...බොස් නං මාරයි බොස්...කියලා වැඩක් නෑ.." අමරෙ එතුමා දිහා බලා හිටියෙ කටත් ඇරගෙන..

" හෙහ්..මම එහෙම තමයි........" එතුමා නිහතමානී ආඩම්බරයකින් කිව්වෙ අමරෙගෙ උරෙස්සට අතක් තියන ගමන්.

අමරෙ බෝනික්කත් අරගෙන ගියාට පස්සෙ එතුමා ගෙට ගියා. ආර්යාව සාලෙ ඉන්නව පත්තරයක් බල බල..

" මොකද මේ ඔහේ රැස්වීම්වල කිය කිය යන්නෙ විදුලි පුටුවට යන්ට උනත් ලෑස්තියි කියල. ඇත්තටම එහෙම දෙයක් වෙයිද? " ආර්යාව පත්තරේ පාත් කරල හැරිල බලල ඇහුව.

" වෙනව නේන්නං..ඒත් මම බය නෑ ඔය අදිරාජ්ජියවාදී කුරුමන්ත්‍රන වලට..රට ජාතිය ආගම වෙනුවෙන්...දේයි ..දේයි.."

" ආ මේ මෙතන ඔහේගෙ චන්ද ඉස්ටේජ් එකක් නෙවෙයි ඔහොම බෙරිහං දෙන්ට. මගෙ කං දෙකත් අගුල් වැටුන වගෙ. " ආර්යාව කං දෙකට දබරැඟිලි දෙක දාල කරකෝන ගමං කිව්ව එතුමා දිහාවෙ රවාගෙන.

" ඔය විකාර නැතුව කියනව දැං ඇත්තටම ඔය මොකක්ද පුටුවට යන්ට උනොත් ඔහේ මොකක්ද කරන්නෙ කියල.."

" හෙහ්, ඔයා තවම දන්නෙ නෑ මගේ හැටි..."

" ඒකනං ඇත්තම තමයි ..." ආර්යාව තොල මැතුරුව..

" මොකක්ද කිව්වෙ? "

" නෑ , නෑ මොකවත් නෑ..කියන්ටකො කියන්ට ආපු එක.."

" විදුලි පුටුවට යන්ටම වුනොත් මගෙ තියනව ඒකටත් පැලෑං එකක්. ඔහේ අහල තියද රස්පුටිං ගැන? "

" කවුරු කිව්ව? "

" ආ..නෑ..නෑ...ඒක ඕන නෑ...රස්පුටිං පැත්තක තියමුකො. ඉන්ටකො මම ඔයාට පෙන්නන්ට.." 

ටරා..රා...ටරා ටරා...මැජික් කාරයෙක් අර පෙට්ටිය වහල තියන රෙද්ද අයිං කරල පෙට්ටිය ඇතුලෙං හාවෙක් ගන්නව වගෙ එතුමා ඇඳං උන්නු සරම පිටිපස්සෙං උස්සල එලියට ගත්ත කලුපාට දිග බම්බුවක් වගෙ එකක්. 

ආර්යාවගෙ ඇස් ලොකු වුනා.." ඔය මොකක්ද ඔය?...." 

" මේකෙං තමයි මම විදුලි පුටුවෙං බේරෙන්නෙ...හිහ්...හිහ්...අදිරාජ්ජවාදීන් හිතුව මදි මාව විදුලි පුටුවෙ තියල මරන්ට. "

" හරි. හරි ඉතිං කතාව තියල කියන්ටකො ඕකෙං කොහොමදෑ එහෙම කරන්නෙ කියල. "

" මේක ඇවිල්ල බොහොම පවර්ෆුල් බැටරි පැක් එකක්. මේකෙ දෙපැත්තෙං තියන මේ ක්ලිප් දෙක ඇඟේ කොහෙට හරි ගහගෙන මේ රතුපාර ස්විච් එක ප්‍රෙස් කලාම කරන්ට් එකක් ඇඟට වදිනව. කොච්චර කරන්ට් වදිනවද කියල එජස් කරගන්ටත් පුලුවනි. ඔන්න බලන්ට " එතුමා ආයම පිටිපස්සෙං සරම උස්සල ක්ලිප් දෙක පස්සට ගහගෙන ස්විච් එක එබුව.." බුදු අම්මෝ.."

" ඇයි කරන්ට් එක වැඩිද? " ආර්යාව ඇහුව. 

" නෑ නෑ..මුලින්ම ඉතිං එහෙම තමයි. ටික ටික පුරුදු වෙයි. මම හිතාගෙන ඉන්නෙ ඔය නිකං ඉන්න වෙලාවට මේකෙං කරන්ට් වද්දගෙන පුරුදු වෙන්ට. එහෙම උනාම විදුලි පුටුවෙ තියල කරන්ට් එක ඇල්ලුවත් මට මොකවත් වෙන්නෙ නෑ....ඔන්න බලන්ටකො.ආයෙමත්......බුදු අම්මෝ..."

ආර්යාව කම්මුලේ අතකුත්  තියාගෙන එතුමා දිහා බලාගෙන හිටිය.

" අම්මාපල්ල දැක්කයිං දැක්කෙ නෑ මෙහෙම මිනිහෙක්!!! "


44 comments:

  1. Mu 1600/- ekek wenna ba, adu gane 1800/- k 2000/- k wage Ranilage padi kana wenta one

    ReplyDelete
  2. අම්මලගෙ බඩේ නෙවේ තාත්තලගෙ #ටේ ඉන්න පොඩි එවුනුත් කෑගහනව එතුමා දැක්කම නං.
    උඹ දැක්කද දන්නෑ ඔය විමලෙගෙ කොලමෙ තිබුන එතුමාගෙ ට්‍රික්ස් පිටිපස්සෙ කතාවක්. රජගෙදර පූස තමයි ප්ලෑන් කරන්නෙ. ඉඹින්න ඉන්න ලමයි වෛද්‍ය පරීක්ෂණයකට දාල තමයි ගේනව කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් පැම්පරේ අන්දවනමලු... මොකෝ සිරි මුඛයට හුජ්ජ කොරයි කියලා..

      දවසක් ඔය මළ විකරේ ටී වී එකේ දැකපු ශිරන්ති මැඩම් කිව්වලු.. ඒ කාළෙත් ඔකොමයි පින්තූරවලට විතරයි පොඩි උන් වඩා ගන්නේ. අනිත් වෙලාවට වඩා ගන්නේ වලව්වෙ කඹුරන උන්ය.. පින්තූරෙකට උඩ දාන්න ගිහින් හිටපු එකම කෙල්ල බිම වැටිලා මළාය කියලා..

      Delete
    2. Moda ano,
      Minissu tyre wandanawe awasan gaman yaddi thamuse hitiye maha ekage ata dekeda
      Napunsakaya

      Delete
    3. රාජ්,

      / උඹ දැක්කද දන්නෑ ඔය විමලෙගෙ කොලමෙ තිබුන එතුමාගෙ ට්‍රික්ස් පිටිපස්සෙ කතාවක්. රජගෙදර පූස තමයි ප්ලෑන් කරන්නෙ /

      හෙහ්..දැක්ක දැක්ක...රජගෙදර ඉන්නව පූසෙක් සහ ගිරවෙක්...අර ඒ කාලෙ මරාගෙ මැකෝ ගිරවෙක් පැනල ගිහිල්ල දවස් ගානකට පස්සෙ අල්ලගත්තු කතාව උඹට මතකද ඔය ටජ් සමුද්‍ර එක පැත්තෙ ඉඳල. මම හිතන්නෙ විමලෙගෙ කොළමට ගිරවෙක් එන්ටර් උනේ ඒ සීන් එක හින්ද. පූසෙකුත් ඉන්නව. ඌ හෙණ වැඩකාරයා.

      Delete
    4. මාතලන්,

      / අනිවාර්යයෙන් පැම්පරේ අන්දවනමලු... මොකෝ සිරි මුඛයට හුජ්ජ කොරයි කියලා. /

      අනික ළමයට උදේම ජාපාල ගුලියක් දීල බඩ සුද්ද කරවලාලු මරාගෙ අතට දෙන්නෙ. ඇයි දෙයියෝ සාක්කි මූ අතේම රුන්නොත් එහෙම මොන දෙයියංට කියන්ටද?

      Delete
    5. මේන් රවියෝ විමලනාත් ඉට්ටැයිල් එකට මම ලියපු මැකෝ කතාව.. උඹ මගේ එකේ කොමෙන්ට් නොදාන එකේ මෙතනවත් මේ ගැන කොමෙන්ට් එකක් දාපිය..

      http://maathalan.blogspot.com/2012/08/roayal-macaw.html

      Delete
    6. මාතලන්,

      හෙහ්..කියෙව්ව..කියෙව්ව..මරු කතාව ඒක...මැකෝ අල්ලගත්තෙ වරායෙ දොඹකරයක් උඩ ඉඳලය? මට මතක ඔය ටජ් සමුද්‍ර එකේ ගහක ඉඳල අල්ලගත්ත වගේ.

      Delete
  3. හිනා යනවා අප්පා.මහින්ද මාමී වෙසක් සමයේ බොහෝ පිං රැස් කර ගනීවි....

    දේයි දේයි කියන වචනේ තියෙන තැන් කියවද්දී මට හිනා යනවා ..

    මේ රටේ පාර්ලිමේන්තුවට යන්න නම් හොඳ උගත්කමක් තියෙන්න ඕනේ ඩොක්ටර්ස්ලා ,ප්රෝෆෙශ්‍ර්සලා තමයි ඉන්නේ වැඩිය. අපි හිනාවුනාට අපේ රටේ අනාගතේ බල්ලට යන්න ඇරලා බලේ,නිලතල බෙදාගන්න දේසපාලකයෝ වලිකනවා :((((((

    ReplyDelete
    Replies
    1. ඔමා,

      / මේ රටේ පාර්ලිමේන්තුවට යන්න නම් හොඳ උගත්කමක් තියෙන්න ඕනේ ඩොක්ටර්ස්ලා ,ප්රෝෆෙශ්‍ර්සලා තමයි ඉන්නේ වැඩිය. /

      කාලයක් ලංකාවෙත් පාර්ලිමේන්තුවෙ හිටපු ඩොක්ටර්ස්ල ( වෛද්‍යවරු නොව ආචාර්ය උපාධිධාරීන් ) රට වෙනුවෙන් ලොකු සේවයක් කලා. ඇන්. ඇම්. සහ කොල්වින් වගෙ අය. එයාලගෙත් අඩුපාඩුකම් තිබ්බ ඒත් සාපේක්ෂව ඒ මිනිස්සු ප්‍රතිපත්තියක් තිබ්බ කොන්දක් තිබ්බ මිනිස්සු. ඒත් මේ මෑතක පාර්ලිමේන්තුවට ආපු අචාර්ය මහාචාර්යවරු නම් කියල වැඩක් නෑ. බල්ලො බත් කන්නෙ නෑ උන්දලගෙ වැඩ ගැන ඇහුවම.තිස්ස විතාරණ, ජී.ඇල්. ඔය කිසිම ප්‍රතිපත්තියක් නැති ආචාර්ය කියන නමෙත් දැලි ගාපු දෙන්නෙක්

      Delete
  4. අනේ රවී දෙයියෝ.. අර හොඳ ඇන්ගපත් තියෙන ලස්සන කලටි පොල් ගෙඩියක්, අනේ ජනාධිපති තුමා අපි අනාථ උනා කියපු එකටත් මක්කා හරි ලියහන්කෝ.. හිනා වෙලා බඩ පිරුණා අප්පා.. විමලේ දැක්කා නම් හෙම නඩු දානවා.. අම්මපා...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

       / අනේ ජනාධිපති තුමා අපි අනාථ උනා කියපු එකටත් මක්කා හරි ලියහන්කෝ.. /

      අඩේ ඒ අනාථ සීන් එක ඇහුවට මම දැක්කෙ නෑනෙ. ලින්ක් එකක් පුලුවන්නම් දාපන්කො . ලියනවනම් තව හුඟක් තියනව ලියන්න හෙහ්,හෙහ්..අර නිලි රැජින කිව්වය කියන්නෙ එතුමා වෙනුවෙන් පන වුනත් දෙනවය කියල. ආය නීලා එතුමගෙන් ඇහුවලු අනේ සෑර් ගහල ගන්ට බැරිද කියල. අම්මාපල්ල ජපං කුණුහරප මතක් වෙන්නෙ මෙව්ව ඇහෙනකොට තමයි.

      / විමලේ දැක්කා නම් හෙම නඩු දානවා.. අම්මපා…/

      විමලෙ දැන් කොළම ලියන්නෙ නෑනෙව...:)

      Delete
    2. විමලේ කොලම ලියන්නෙ කොහෙමෙයි.. කින්ඩිය දාලා එතුමව පැන්සොන් යැව්ව කොට..

      නීලා ඇහුවම ගහලා ගන්න බැරිද කියලා.. මහින්ද මහත්තයා කිව්වලු.. වයස වැඩි නිසා හිටියිද දන්නේ නෑ කියලා..

      Delete
    3. මාතලන්,

      " සර් ගහලා ගන්නවත් බැරිද? "කලක් ජනප්‍රියව සිටි මැදි වයසේ ගායිකාවක් ඇසුවේ එතුමාගේ සාටකය අතගාමිනි. ඒ දෙස නොමනාපයෙන් බැලූ හිටපු නිළි රැජින සාටකයේ අනික් කොණ ගෙන තම පපුවට තබා තුරුලු කර ගත්තීය.

      " අම්මාපල්ල මේ ගෑණුන්ටත් තියෙන ගායක මහත. දැං අර මහගෙ එහෙම බැරිවෙලාවත් දැක්කොත් මගෙ මේ ........................ " බියපත් දෑසින් එසේ තොල මතුරමින් එතුමා දැස් නෙරවා හතර අතම සෝදිසි කලේ ආර්යාව එහෙම මේ නාකි කෝළං දැක්කනං මදි නොකියන්ට සබ්බුව හම්බවෙන බව හොඳහැටි දන්නා නිසාය.

      හොඳ වෙලාවට ආර්යාව පේනතෙක් මානයක නැත. " බලමු ගහල ගන්ට...හිහ්..හිහ්..බැරිවෙන එකකුත් නෑ..මම දන්නවනෙ ඉතිං ඔයාල වයස ගියාට මං වෙනුවෙන් ඕන දේකට ලෑස්තියි කියල " එතුමා බැරෑඬි කටහඬ මෝඩ් එකට එන්ටර්වී කීවේය. ඔය බැරෑඬි කට අඬවල වලට බබලත්තු බොහොම කැමතියි...... දවසක් එහෙම කීවෙත් අර සට්ටඹි පනාපුත්තරයාමය.

      Delete
    4. ලබ්බෙ මැදි වයස.නාකිවෙලා හොට බිම ඇනුනහමද මැදි වයස බං.

      Delete
    5. හැලප,

      / ලබ්බෙ මැදි වයස.නාකිවෙලා හොට බිම ඇනුනහමද මැදි වයස බං./

      අඩේ බං මම මේ තනිකරම උඹ ගැන හිතලයි ඔය මැදිවියේ කියල කිව්වෙ. මොකද ඔය අම්මණ්ඩි මයෙ හිතේ උඹට වඩා ඔන්නං අවුරුද්දක් දෙකක් වගේ වැඩුමල් ඇති.

      Delete
  5. පහුගිය අවුරුදු වල මැයිපලවෙනිදාවල් මතක් වෙලා ලොක්කා අද පස් කනවා ඇති

    ReplyDelete
    Replies
    1. මැලේ,

      ආය මොනවද? එන්ට චාන්ස් එකක් තිබ්බ නං දෙයි ටෝක් එකක් රිඹ යන්ට...හෙහ්,හෙහ්,

      Delete
  6. අයියෝ... දැන් ඔය මනුස්සයා තංගල්ල පැත්තෙන්ම මූදට පනිනවා මේ අපහාස ඉවසාගන්න බැරුව.
    එච් පී කිව්වෙ? හැව්ලට් පැකාඩ් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මාධවී,

      ජනවාරි අට වෙනිද කණට ගහල " පල යන්ට යන අහක " කියල එළෙව්වම යන්ටම ගියානං මේ මොකවත් නෑ නෙව.

      Delete
  7. Enjoy Ravi!!!


    MP. Dunesh Gankanda, Deputy Minister of Urban Development, Water Supply and Drainage Board marred his wife’s birthday celebrations held at the Water’s Edge yesterday, when he went on to assault an invited guest by the name of Sumedha Gamlath and his wife in the early hours of today. Gankanda in his alcoholic influenced rage also assaulted his wife Kushani Nanayakkara, the birthday girl and his step daughter in an incident which took place in front of embarrassed guests and employees of the venue.



    The party which kicked off on the 30th April 2015 was halted around 2:30am with other guests nearby ducking for cover.

    At the time of writing the injured party were deliberating if the said assault should be reported to the police.

    MP. Dunesh Gankanda has a history of violence especially when under influence of alcohol. Previously it was reported that he assaulted and bit the nose of Diwakaran, a Tamil businessman at a club in Galle Face hotel also in the early hours around 1.30am on May 27, 2012. Then Gankanda had gone into hiding from the Police had later surrendered to the Colpetty Police through his lawyer and the Colombo Fort Magistrate released Gankanda on bail.

    On many other previous occasions his spate of violence has been reported where he has gone on to assault his mother’s sister, a member of the MSD, a bodyguard and a female maid servant.

    MP. Gakanda had threatened to assault his 17 and a half year step son and verbally assaulted his teenage step daughter two years ago.

    Colombo Telegraph in an earlier report quoted his step son Sooraj Radha claiming MP.Gankanda to be a racist. Sooraj was reported to have said “Uncle Dunesh is not fit for politics, I’m half Sinhala and half Tamil, he calls me ‘Demala pakaya’ (Tamil Cunt ). He is a racist. He has never said sorry. He even abused my sister with ‘Sudda Sinhala filth’. Once I asked him to apologize to her, and he said I’m not going to say sorry to a ‘demala pakaya’”.

    https://www.colombotelegraph.com/index.php/nose-biter-deputy-minister-gankanda-in-alcohol-driven-rampage-again/

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      Thanks but I didn't enjoy it, didn't at all. This guy should be dealt with immediately.period.

      But you got to know about this miscreant because you could access " Colombo Telegraph" which was blocked during former regime.

      Delete
    2. ඈ ස.ර.ස අර මර්වියා මිනිස්සු ගස් බඳිනකොට තමුසෙ හිටියෙ කොහෙද?

      Delete
    3. Moda ano,
      Minissu tyre wandanawe awasan gaman yaddi tho hitiye maha ekage ata dekeda
      Napunsakaya

      Delete
  8. හප්පා මෙහෙමත් කියන්න හොදද මං අහන්නේ ඒ උත්තමයට.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      හොඳ නෑ බං හොඳ නෑ...කවුද කිව්වෙ හොඳයි කියල...:)

      Delete
  9. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16794-2015-05-01-20-20-42

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්..:)

      Delete
  10. බලහන් රවියියේ අපේ මහා රජ්ජුරුවන්ගේ දුර දක්නා නුවණ.අපි උඹලා වගේ උන්ව ඔහොම විදුලි පුටුවේ වාඩි කරෝනවා කිව්වොත් ඔහොම කරන්ට් වද්දන් එකට මුහුණ දෙන්න සුජානම් වේයිද ?
    කොහොමද අවධානමට පෙර සුදානම හිටං.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ආය මොනවද මල්ලි...එතුමා ලංකාවෙ රජවෙනවයි කියල අදිස්ටාන කොරල පිටපොට ගැහුවයි කියන්නෙ 70 චන්දෙට නොමිනේසං හම්බවෙච්චි වෙලාවෙ. මම කියන එකක් එහෙම නෙවෙයි ඔන්න එතුමගෙ ඔපීසියල් බයෝග්‍රෆි එකේම තියනවය කියල මගෙ යාලුවෙක් කිව්වෙ. මම නම් තාම කියෙව්වෙ නෑ. කියවන්ට බලාපොරොත්තුවකුත් නෑ.

      Delete
  11. යකෝ......උඹ මෙහෙමත් ලියන්න යක්ෂය කියල දන්නෙ අදයි බං .....
    සුප්ප .......මෙහෙමත් ලියපං මචෝ......ඉදල හිටලා.....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      ස්තූතියි....කෙන්ජි...ඉතිං ..කොහොමද වාස දේස එහෙම?....හෙහ්,හෙහ්,

      Delete
  12. වෙලාවට උන්නැහේ මේවා කියවන්නෙ නෑ; නැත්නම් ආරස්සකයෙක් එවනවා “වතුර බෝතලේකුත්“ එක්ක...

    ReplyDelete
    Replies
    1. සුමිත්,

      බොහොම කාලෙකින්...:)

      Delete
  13. දැන් ලමයි ජය ගෝසා නොකලට පාලුවක් නෑ අම්මල නැන්දල ආච්චිල අපි අනාතයි කිය කියා අඬාගෙන එතුමා යන එන තැනවලට එනවනෙ. සැහෙන සංවර්දනයක් කරල තියෙන්නෙ බැලුවහම.

    ReplyDelete
    Replies
    1. Pra,

      හෙහ්..මගෙ මයිල් කෙලින් වෙනව මේ මල විකාර දැක්කම...:(

      Delete
  14. පට්ට ඈ , කාලෙකින් බ්ලොග් කියවන්න ඇවිත් ආසාවෙන්ම කියවපු ලිපියක් ..
    ජයවේවා ..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චමී...:)

      Delete
  15. අර වීඩියෝ එක නම් පට්ට නේද? ඔය වීඩියෝ එක මාර විදියට එඩිට් කරනවා මේ වගේ චාටර් සින් වුනාම.. ඔය වර්ල්ඩ් කප් ෆයිනල් ඇවිල්ල ලංකාව පැරදිච්ච කාලෙත් ඕකම එඩිට් කරලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. Pathum,

      / ඔය වර්ල්ඩ් කප් ෆයිනල් ඇවිල්ල ලංකාව පැරදිච්ච කාලෙත් ඕකම එඩිට් කරලා තිබුනා. /

      අඩේ..එහෙම එකකුත් තිබ්බද? මම දැක්කෙ නෑනෙ..වෙලාවක හොයල බලන්ට ඕන...මේක නම් නියමයි නේද?....මරුවට ඩබ් කරල තියනව.

      Delete
  16. ///මව්බිම, දේයි, බුදු අම්මෝ.../// මාර වචන පෙළගැස්ම රවි. තාම හිනා...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...