Friday, September 8, 2017

528. පුවක් එෂැණිං 28 - ශීල වස්ත්‍ර චෞර කථා වත්ථුව…

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්
බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු ඉහත
ඡායාරූපයෙන් දැක්වේ -
Image from Sunday Times On line

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට මහතාට ඊයේ තුන් අවුරුද්ද බැගින් සිරදඬුවම් නියම කෙරිණි. පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන හයසියයක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කොට මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු උදෙසා නොමිලේ සිල් රෙදි බෙදාදෙන ලදැයි ඔවුනට විරුද්ධව චෝදනා එල්ලවී තිබිණි. 

මේ නඩු තීන්දුව සම්බන්දව අදාල පාර්ස්වයන් අපවෙත පලකල අදහස් පහත ඉදිරිපත් කරමු.

අටිඝරු හිජකුපාම මහතා

"අපෙ හාමුදුරුවනේ..මගේ කාලෙනම් ඔය වගෙ දේවල් උනේ නෑ අපෙ හාමුදුරුවනේ..රාජ්ජිය නිලදාරීන්ට හිතූ මනාපෙ හොරකං කරන්ට මම අවස්තාව දීල තිබ්බ. එහෙම නැතුව මේ වගෙ පොඩි පොඩි දේවල් වලටත් ඒ යක්කු හිරේ දාන්ට ගියාම කොහොමද මං අහන්නෙ කාරියක්සම රාජ්ජ සේවයක් පවත්වාගෙන යන්නෙ?...නෑ මං මේ අහන්නෙ බොරුද මං කියන්නෙ? යාපාලනේට චන්දෙ දුන්නු අයගෙන් මම දැං අහන්නෙ...මොකද දැං ෂැ..ප..ද..අ...අ..අ.."

අටිපූජ්ජිය බී. ලානක හිමිපානෝ - 

"සිල් රෙදි බෙදාදීම අයිතිවෙන්නෙ අට කුසල් වලට. අට කුසල් කිරීමෙන් කෙලිම්ම වන්වේ ටිකට් දිවියලෝකෙට යතෑකි. ඒ කුසල් කලේ තමංගෙ සල්ලි වලින්ද නැද්ද කියන එක කොහොමත් අදාල නෑ. මොකද බුද්ද දේසනාවෙ කොහෙවත් සඳහන් වෙන්නෙ නෑ පිංකං කරන්ට ඕන තමංගෙ සල්ලි වලිංය කියල. ඒ හින්ද මට සීයට සීයක් විස්වාසයි වැලිකඩ මහ උළුගෙදර අවුරුදු තුනක් ඉඳල මේ සැදැහැවත් උපාසක මහත්තුරු දෙන්නම ඊලඟට කෙලිම්ම යන්නෙ ටෞටිෂා දිවිය ලෝකෙට කියල. එහේ ගිහිල්ල ඉපදෙනව ලාලිත්‍ය සහ අනූෂ්‍ය නම් දිවිය රාජයින් දෙන්නෙක් වෙලා"

ගරු නාමෝල් පෙරකදෝරු මහතා - 

"ලලිට් අංකල් ඒ කාලෙ ඉඳලම අපේ මුලු පවුලටම හරිම හිතවත්. මම පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරිල ආහම ලලිට් අංකල් එක්ක තමයි චක්ගුඩු පනින්නෙ. චක්ගුඩු පැනිල්ලට ඒ කාලෙ ඉඳලම ලලිට් අංකල් හරිම සූරයා. ඇත්තටම මේ සිල් රෙදි කතාව සම්පූර්න බොරුවක්. රාජපස්සවරුංගෙං පලිගන්ට කරපු කුරුමන්තරනයක්. ලලිට් අංකල්ගෙ ලෝයර්ට ඕනනම් තිබ්බ එක ලෝ පොයින්ට් එකෙං නඩුව දිනන්ට. ඒත් අපි එහෙම නොකලෙ යම් හේතුවක් ඇතුව. ලලිට් අංකල්ට තාත්ති කිව්ව ලලිට් ඔයා ඇතුලට ගිහිල්ල අපි තුං හතර දෙනාට ඇතුලෙ හොඳ තැනක් බලල කොට්ට පැදුරු එහෙම ලේස්ති කරල තියන්ට කියල. අන්න එහෙම අපේ ටාට්ටි කිව්ව හින්දයි ලලිට් අංකල් ඇතුලට ගියේ"

නොමිලේ සිල් රෙදි ලබාගත් මහළු උපාසිකා මාතාවක් - 

"අනේ අප්පේ සංදුක්කාරේ මම අද වෙනකල් හිතාගෙන හිටියෙ ඒ කාලෙ ඔය සිල් රෙදි දුන්නෙ මහින්ද මහත්තයගෙ සල්ලි වලිංය කියලනෙ. ඇයි එතුමගෙ අර පුහුල් ගෙඩියක් වගෙ තියන මූනත්තහඩුව අලෝල තිබ්බනෙ ඔය සිල් රෙදි ඔතල තිබ්බ කවරෙ. කවුදෑ මෙහෙම එකක් දන්නෙ? කිරි බුදු අප්පේ....අනික ඒ සිල් රෙද්ද දැං හොඳටම කනපාට වෙලා කහ ගැහිල. මම මේ බලාගෙන උන්නෙ මේ පෝයටවත් ආයම සිල් රෙද්දක් හම්බ වෙයිවත් කියල. දැං ඉතිං ඒක හරියන එකකුත් නෑ වගේ පේන්නෙ. ඒ කෝක වෙතා කෙලේ ගුනේ කියල එකක් තියෙන්ට එපාය. මයෙ මද්දුම කොල්ලගෙ බාල කෙලී ඔය කොලඹ කිට්ටුව මොකක්ද පැට්ටේරියක වැඩ කරන්නෙ. ඒකිට පුලුවං වෙලාවක බත් මුල් දෙකකුත් ඔතාගෙන යන්ට කියන්ට ඕන ඔය මාත්තුරු දෙන්න බලන්ට හිරගෙදරට...සංසාරේ ...සංසාරේ..."

ලලිත් වීරතුංග මහතාට පස්වන පංතියට සිංහල ඉගැන්වූ ගුරුතුමා - 

"ඔය ලලිත් ළමය ඉන්නවනේද? ඉගෙනගන්ට හරිම සූරයි. ඒත් මට අද වාගෙ මතකයි සිංහල පාඩමට ප්‍රස්ථාව පිරුළු උගන්නපු දවසෙ ලලිත් ඉස්කෝලෙ ආවෙ නෑ. ඔය බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැඟිටින්ඩ වෙනව... එතකොට තල නම් තෙලට වේලේ මී බෙටි කුමට වේලේ..තමන් හිසට තම අතමය සෙවණැල්ල...විසකුරු සපුන් සහ රජුන් කිසිකලෙක විස්වාස නොකරනු ... වගෙ එව්ව මම කියල දුන්නනෙ එදා....ඒ ළමයගෙ පූරුවෙ කරුමෙටද කොහෙද මන්දා ලලිත් ළමය එදා ඇබ්සන්..."

අනූෂ පැල්පිට මහතාගේ සත්වන ශ්‍රේණියේ පන්තිභාර ගුරුතුමා - 

"හත්වෙනි පන්තියෙ ඉන්දැද්දි ඔය අනූස ලමය තමයි පංතියෙ මොනිටර්. පංතියට කොස්සක් ඉදලක් ගන්ට ලමයිංගෙං එකතු කරපු සල්ලි තිබ්බෙ අනූස ලමය ගාව. දන්නවද මේ ලමය කරපු දහදුරා වැඩේ? ඒ සල්ලි පිල්ලි ගැහුව. වැඩේ අහුවෙලා ප්‍රසිද්දියෙ ඇසෙම්බ්ලි එක ඉස්සරහ වේවැල් පාර දෙන්ට එක්කගෙන යනකොටත් මෙන්න මේ තක්කඩියගෙ මූනෙං එකයි හිනාව. හොරකමක් අහුවෙලා දඬුවම් දෙන්ට එක්ක යනව නෙවෙයි රටක් රාජ්ජයක් දිනල එනව වගෙ. ඒ පාර අපෙ ප්‍රින්සිපල්ට තද වෙලා කෑගැහුව. හොර වංචා කලා මදිවට තව හිනාවෙන්ටත් එනව. වහගං ඔය දත් වහල්ල අලුගුත්තේරුව කියල"

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මහතා - 

"අපි මේ තීන්දුවට විරුද්දව අබියාචනයක් ඉදිරිපත් කරනව. මේ සිල් රෙදි බෙදා දුන්නු බව ඇත්ත. එව්වට වියදම් කලේ ටෙලිකොම් එකේ සල්ලි බවත් ඇත්ත. ඒ වුනාට මම කියන්නෙ ඒ සුදු රෙදි බෙදා දුන්නෙ ඇත්තටම ටෙලිකොම් සමාගමෙන් ලබාදීල තියෙන ටෙලිෆෝන් පිහදාන්ට ගන්ට.  අනික ඔන්න වැස්ස වෙලාවක ටෙලිපෝං විසන්දි උනාය කියමුකො. වයර් කඩා වැටිලද මොකද කේස් එක කියල බලන්ට එලියට බහින්ට පුලුවනෑ වැස්සෙ. එතකොට කරන්ට තියෙන්නෙ ඔය දුන්නු සුදු රෙද්ද ඔලුවෙ ඉඳං පොරවගෙන එලියට බහින එක. අන්න ඒ වගෙ එව්වටයි ටෙලිකොං එකෙං ඔය සුදු රෙදි බෙදා හැරියෙ. සමහර උපාසක උපාසිකාවො එව්ව සිල් රෙදි වසයෙනුත් බාවිතා කරල තියනව. ඉතිං එහෙම උනාය කියල ඒක කොහොමද මගේ සේවා දායකයිංගෙ වැරැද්දක් වෙන්නෙ? යූ ගෙට් වට් අයි මීන්?. ඇත්තටම ටෙලිකොම් එකෙන් එහෙම කලේ සමාජ සත්කාර්යයක් විදිහට. අන්තිමට ඒක අර්ත කතනය කලේ සම්පූර්න වැරදි විදිහට. මට සහතිකයි මේ අබියාචනයෙන් අපි ජයගන්නව"

33 comments:

  1. වැරදියි වැරදියි...

    මහත්වරුන් නම් රැගෙන යන්නේ නැත.. කැඳවාගෙන හරි වඩම්මවාගෙන හරි යනවා මිසක්.

    ඒ පාර වෙන වත්ථු ලිය ලිය ඉන්නවා... මොකටද ඉතින් මගේ කට

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      හරි හරි බං වඩම්මගෙන වෙන්ට ඇති ඔය යන්නෙ...කවුදෑ දන්නෙ?

      වත්ථුත් ලියන්ට එපාය බොල ඉඳ හිටලවත්..

      ඉඳහිට හමුවෙන මේ පුංචි වෙලාවේ,
      ඇයි මේ ඔය තරමට අගය හිනාවේ..

      ඔහෙට මතකෙයි ඒ සිංදුව?

      Delete
  2. මහජනතාව
    ඈහ්.. සිල් රෙදි එච්චර බෙදුවද? දැක්කේ නං පන්සල් හත අටක බෙදනවා ඉතරයි.

    ReplyDelete
  3. සිල් රෙදි කාටද හම්බවුනේ. .
    ඔය සිල්රෙදි හොරබඩු ද එහෙනම් හොරබඩු ළඟ තබා ගැනීම යත්තේ ඕවා ගත්ත නාකි ලපටි අල්ලා හිරේ දාන්න කලින් හැකි ඉක්මනින් දීපුවා රිටන්කරන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      සිල් රෙදි හම්බවුන අය දන්නවනම් කරුණාකරල කියන්න

      Delete
  4. මේ දන්නවැයි, මේ පෝස්ට්වලට යටින් අර පරණ පෝස්ට් තුන හතරක් පෙන්නන විජට්ටුවනං මසුරං වටිනවා. මොකොද කියනවානං, මේක කියවලා පිච්චිච්ච ලේ ටික නිවාගන්න හැටියක් නැතුව ඉන්දැද්දි මං එතන දැක්කා ආදර නිල් දෑසේ ඩියර් ජෝන්ව. දැන් ගිහිං ඒක කියවලා පිච්චිච්ච ලේ ටික නිවාගෙන ආවේ. නැත්තං මං ලියයි මෙව්වට කමෙන්ට්! හුහ්!

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      හරි හරි බං කාම් ඩවුන් කාම් ඩවුන් විල් යූ ප්ලීස්?

      අනික මේ දවස්වල ලංකාවට හිටු කියල වහිනවලු නේ? එහෙම එකේ හීගෝතුව පහවෙලා යන්ටත් එක්කලා උඹේ ලේ ටිකක් රත්කරල දුන්නු එකම මදිද මං නොමිලෙම? හෙහ්..හෙහ්..

      කමෙන්ට් එකක් වැටිල කියල ෆෝන් එකේ මෙසේජ් එක ඇවිල්ල බලනකොට මෙන්න උඹේ නම. උඹ ගැන දන්න හින්දම ඇඟේ ලේ වතුර වෙලා මෙසේජ් එකෙ ඕපන් කලේ මේ අම්මණ්ඩි මයෙ ඇහේ ඉඳං පට්ට ගහලාදෝහෝයි කියල හිත හිත..:)

      "Your opinions may differ drastically with someone but when you have even a single common ground it's best to dwell upon only that" - Ravi Weerasinghe

      අපි ඩෙවොන් එකෙන් එලියට බැස්ස පදික වේදිකාවට.....

      '' රවි අයිය මගෙන් අහපු නැති ප්රශ්නයක් තියනව නේද?...''

      චුට්ටි ඇහුවෙ එක පාරට නොහිතූ විදිහට..

      '' ම්ම්ම්...එහෙම ප්රශ්නයක් තියනවයි කියල ඔයාට හිතෙනවද චුට්ටි?...''

      මම උත්තර දුන්නෙ ටිකක් වෙලා අරගෙන....

      '' එහෙම ප්රශ්නයක් නැත්නම් කිසිම ප්රශ්නයක් නෑ...එහෙම ප්රශ්නයක් තියෙනව නම්... මම මේ කියන්නෙ අහපු නැති ප්රශ්නයක්....ඒකට උත්තරේ මේකයි....Life goes on.....I am doing the best under the circumstances to get on with life or cope with it as best as I can, if not I would be doing a real injustice to myself as well as to those others around me.....''

      චුට්ටි එක දිගට කියාගෙන ගියා....මම එයාගෙ මූණ දිහාවෙ බලාහිටිය එහෙම්මම මොනව කියන්ටද කියල හිතා ගන්න බැරුව....

      '' එහෙනම් අපි යන්නම් අයියෙ...''

      චුට්ටි කිව්වම තමයි ඔන්න මම දැහැනෙන් මිදුනෙ.

      '' චුට්ටි..ඒ ප්රශ්නෙම ඔයාගෙ හිතෙත් ඇති මම හිතන්නෙ.....ඒකට මගේ උත්තරේ ඔයාට දැන ගන්න ඕනද? ''

      චුට්ටි ආයෙම හිනා උනා....

      '' එපා අයියෙ..අයියගෙ උත්තරේ මගේ උත්තරේමයි කියල මට හිතාගත්තෑකි....ඒ උත්තරේ වැරදි උනත් මම දිගටම හිතාගන්නම් ඒ උත්තරේ තමයි හරි කියල.....මට ඒ ඇති...''

      '' හරි එහෙනම් චුට්ටි........ආයෙම ඔයාව මෙහෙම අහම්බෙන් හරි හම්බ උනු එක මට කියන්ට බැරි තරම් සතුටක්.....Okay then Until we meet again.....somewhere...sometime ...take care and be happy....''

      '' Same here Ravi Ayiya...you too.....bye....''

      පොඩි එකීගේ අතකුදු අල්ලාගෙන ඇය දළඳා වීදියේ පදික වේදිකාව ඔස්සේ ඉහළ පහළ යන ජනතාව අතරින් නොපෙනී යන දෙස මම ඇසි පිය නොහෙලා බලා සිටියෙමි. මා සිතූ ලෙසම ඈ සෙනඟ අතර නොපෙනී යාමට මොහොතකට පෙර ආපසු හැරී බලා මා හා සිනාසුනාය. මම ද ඈ හා සිනාසුනෙමි.

      එලෙස කොපමණ වේලා ඩෙවොන් අවන්හල ඉදිරියේ පදික වේදිකාවෙහි හිටිවනම සිටියාදැයි මම නොදනිමි.මා අසලින් තම එදිනෙදා කටයුතු උදෙසා එහා මෙහා ගමන් කරන මිනිස් කැල පිලිබඳව හෝ හිස රත් කරවමින් ලම්බකව පතිත වන මධ්යාහ්නයේ සැඩ හිරු රැස් පිළිබඳව මට කිසිදු හැඟීමක් නොවීය.

      Delete
    2. රවී මේ කමෙන්ට් එකට පින් සිද්දවෙන්න උඹ ලියල තියෙන නියම ආදර කථාවක් කියෙව්වා. ගොඩක් පරණ ඒව කියෙව්වට 'ආදර නිල් දෑසේ' එක මිස් වෙලා තිබ්බා. හිතේ වෙන ප්‍රශ්ණයක් ගැන කැලඹීමක් තිබුණත් ඒ කථාවෙන් හිත තැන්පත් වුණා. බොහොම ස්තූතියි.

      Delete
  5. සිල් රෙදි නොලැබූ උපාසකයෙක්.

    මොන $$ූ&*($((*@!^@$% යකෝ මට දෙන්නැතුව රෙද්දක් බෙදපු එකා.
    යසට රෙද්ද විකුණල කසිය ෂොට් එකක් දාන්න තිබුණනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ගොඩකවෙල පැත්තෙ බෙදපු සිල් රෙදි පැකට් වල අලවාපු ලේබල් එක ප්‍රින්ට් කරවගත්තෙ උඹේ ප්‍රෙස් එකේය කියල මට ආරංචියක් ආව. ඇත්තෙයි?

      ප්‍රින්ට් කරවගත්තු අය කිව්වයි කියන්නෙ "මහින්ද යලි ජනපති කරවමු" කියල ලේබල් එකේ තිබ්බම ඇති කියලලු. උඹ කිව්වලු "අපේ මහරජ තුමා සදාකල් දිනේවා! සැරදේවා!!" කියල උඹ ගානෙ නොමිලේ ගහල දෙන්නම්ය කියල. ඇත්තෙයි කොල්ලො?

      Delete
    2. ප්‍රසා...පෝයට කසියා විකුනන්නෑ ඒව වහල...මතට තිත..හික්..!

      Delete
    3. වෙන්නැති. ඒ උනාට හොර පොට්වල සීල් බඩුම තියෙනවනෙ.

      Delete
  6. පැමිණිල්ලේ නීතීඥ තුමා

    මේ අය වරදකරුවන් වුණේ විදුලි සංදේශ නියාමක කොමිසමේ සල්ලි වලින් සිල් රෙදි බෙදුවයි කියලයි. ඔය විත්තියේ නීතීඥයා ටෙලිකොම් එකෙන් බෙදුවයි ඒක බෙදුවෙ ටෙලිපෝන් පිහ දාන්නයි කියන්නෙ අමූලික බොරු. අනික ටෙලිකොම් එක සමාගමක්. මේක ටී.ආර්.සී එක නිසා තමයි රජයේ මුදල් අභාවිතය කියල නඩු දාල තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඔබ හරි... විත්තියේ ඒ තර්කය විනිසුරු පිළිගත්තෙ නැති හින්දනෙ වැරදි කාරයො කලේ....:)

      Delete
  7. හෙහ් හෙහ් කොහොම හරි කමක් නෑ ඔක්කොම හොරු ටික ඇතුලට යනවනම්... අපරාදේ කියන්න බෑ නැව ගිලුනත් බෑන්චුන් වගේ හිනා වෙලා ඉන්නවා.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඒකනෙව කියන්නෙ බං..මරාගේ තක්කඩියො ටික අපරාදෙ කියන්ට බෑ ඇට්ටිං පාර නම් දෙනව නියමෙට.

      ඕක පටං ගත්තෙ මට මතක විදිහට මරාගෙ ලොකු එකා අර නාමෝලා...නාමෝලව රිමාන්ඩ් කරපු වෙලාවෙ මතකද උගෙ අර පොල්බෑමූණගෙ වගෙ හිනාවත් දාගෙන මාංචු පිටිං අත්දෙක උඩට උස්සල රඟපු රැඟිල්ල...ඊට පස්සෙ උනෙ හැම තක්කඩියම එහෙම කරන්ට ගත්ත.

      උඩ තියෙන ෆොටෝ එකේ බලපං...අර මිනිහ ලලිත් අඩුගානෙ පසුතැවිලි වෙනව වගෙ මූණෙංවත් පෙන්නනව බොරුවට හරි. ඒකට මේ කෝණංගියා. මු ගෙ හිනාවෙ හැටියට හිතෙන්නෙ බං මූ හිරේට යන අපරාදකාරයෙක් නෙවෙයි තමංගෙ අනතඃපුරේට යන රජකෙනෙක් වගෙ කියලනෙ.

      Delete
  8. කවුද රවි බී.ලානක කියන්නේ?

    ReplyDelete
    Replies
    1. කුමාර,

      අර චීවරදාරියා බං..ඒ දවස්වල අර ලොකු කයියක් ගැහැව්වෙ හමුදාව යුද්ද කලේ උන්දැගෙ උපදෙස් අනුවයි කියල..බ්‍රිගේඩියර් නංගමුවේ බේලක....:)

      Delete
  9. මේ අදහස් අහගෙන හිටිය සිල් රෙද්ද.

    සද්ද නොකර මේ දේවල් ඇසුනෙ මට
    ඇද්ද විහිළු තව උහුලනු බැරිය මට
    සෙද්ද වුණත් නම්බුවනම් තියෙයි මට
    සෙද්ද ගලවලා ගරු කරපන්කො මට.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Dumee,

      රෙද්දෙන් හොඳ රෙද්ද ටී.ආර්.සී. රෙද්ද,
      මද්දෙන් හොඳ මද්ද හොරුනට වැටෙනා මද්ද,
      සද්දෙන් හොඳ සද්ද කූඩුවෙ දොර වැහෙනා සද්ද,
      ලද්දෙන් එකල කල කරපු පව්ගෙවනා ලද්ද,

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ලංකාවේ හිරේට යන නිලධාරීන් ඔක්කොම හිනාවෙලා යන්නේ එදාම හවස ලස්සන දොස්තර නෝනලා නේස් නෝනලා වැඩ කරන බන්ධනාසැප රෝහලට දාන නිසා කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. ළඟදීම බන්ධනාගාර රෝහලේ පහසුකම් වැඩි කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ඉල්ලයි හෙහ් හෙහ්...

      Delete
  12. නාමල් මල්ලි කළු කොට බෑයත් අරන් උසාවි ගිහින් හිටියේ ලීට්ල අන්කල් බෙර ගාන්න උනාට නීට්න්ග කමේ වග බුරපල්ලෙන් බේරෙනවා අපි දැක්කා සිල් රෙදි බෙදල ඉතුරු සල්ලි නාමල් බේබි නිල බලකායට ගන්න ඇති
    විචාරක දියණිය

    ReplyDelete
  13. වැඩක් නෑ..ආන්ඩුව පුරාජේරුව ගැහැව්වට....උන් රෝහල් ගතවෙලානෙ..!

    ReplyDelete
  14. මුන් ඔක්කොම ඇතුලට ගිය ගමන් ලෙඩ වෙනවා, බැසිල් ,වීරවන්සය ,සරණය ,මේ වේ!#$% ඔක්කොම අපිට කොකා පෙන්නනවා, කවුද මෙව ඉවර කරන්නේ, මොකාද ?. කෝටි 60 අවුරැදු 3 ක් හොදටම මදි

    ReplyDelete
  15. //ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ//

    දැන් මගෙ හිතේ ඒක මේ විදියට නිවැරදි වෙන්ට ඕන,

    ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන රෝගීන් බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ

    ReplyDelete
  16. ඔබට තෙරුවන් සරණයි. බොහොම ස්තූතියි ඔයාට.

    ReplyDelete
    Replies
    1. පල පුන්ඩෙ යන්න ගාවගත්තා එකටත් ආගම !

      දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්.........බක බක බක බක

      Delete
  17. උඹ මේ රෙද්දක් කියනවා. බලහන් ඒ උට්ටමයෝ කොයි තරම් ජොලියෙන්ද හොස්පිටල් යන්නේ කියලා.

    ඇති යාන්තම්, ටික දවසක් බෙලිකටු මලුවල සද්දේ නාහා ඉන්න පුලුවන් කියලා කතාවක් ඒ මූනුවල තියෙන්නේ හා නැද්ද?

    ReplyDelete
  18. මං හිතන්නේ ඒ කට්ටිය හිනා වෙලා ඉන්නේ පාර්ලිමේන්තුවට යන්න shortcut එකක් හම්බෙලාකියල හිතල වෙන්ඩැ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...