Tuesday, January 16, 2018

558. පුවක් එෂැණිං 37 - සුපිරිං කෝට්ටෙකෙං පස්න ඇහිල්ල…….

යහ පාලනය විෂයට අදාල ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලිවීම
උදෙසා 2015 වසරේ විභාගයට වාඩිවුණු ජනාධිපතිතුමා
සැපසේ නිදා හිඳ 2018 වසරේදී හදිසියේ අවදිවෙයි.
Daily Mirror Cartoon By Namal Amarasinghe

විජේරාම මාවතේ ජනාධිපති නිල නිවස සැඳෑ අඳුරේ ගිලීයමින් පැවතිණි. එහි ආලින්දයෙහි වේවැල් වලින් වියන ලද කළුවර ඇඳි පුටුවක දිගාවී හුන් ජනාධිපති තුමා ගැඹුරු කල්පනාවක නිමග්නව හුන් සෙයක් දක්නට ලැබිණි. ආලින්දයෙහි එකද විදුලි පහනක් හෝ දල්වා නොතිබුණු හෙයින් එහි පැවතියේ මද අඳුරකි.

"මොකද අනේ මේ ලයිට් එකවත් දාගෙන නැත්තෙ? තව පොඩ්ඩෙංනං මේ කනප්පුවෙ හැප්පිල මගෙ මහපට ඇඟිල්ලත් කඩල යනව…...සරල ජනාදිපති සරල ජනාදිපති කියල කිව්වට ලයිට් නැතුව කලුවරේ ඉන්න ඕනය කියල එකක් තියනවය…"

ආඩපාලි කියාගෙන ගෙතුලින් පිටතට පැමිණි ජනාධිපති ආර්යාව ආලින්දයේ විදුලි බුබුල දැල්වූවාය. ආලින්දය පුරා පැතිර ගිය විදුලි ආලෝකයෙන් ඇයට දැකගත හැකිවූයේ  පුළුටුකොටගත් මුහුණින් යුතුව ඇඳි පුටුවෙහි වැතිර හිඳිනා ජනාධිපති තුමාය.

"මොකද අනේ මේ? අද සන්තෝසෙන් ඉන්න එපාද?" ඇය කරුණාබර ස්වරයකින් එසේ විමසමින් ජනාදිපතිතුමා අසල වූ තවත් පුටුවක අසුන් ගත්තාය.

"ඇයි අද මොකද සන්තෝසෙන් ඉන්න ඕන?" එතුමා ඇඳි පුටුවේ කෙලින්වී ඇසුවේය. 

"ඇයි අනේ හෙටනෙ ඔයා දිනපු ජනාදිපතිවරනෙ තියල තුං අවුරුද්දක් පිරෙන්නෙ…"

"හාපෝ මතක් කරන්න එපා..ඒ දවස මතක් වෙනකොටත් මයෙ මයිල් කෙලිං වෙනව මේ…" ජනාදිපතිතුමා පැවසුවේ තම සුරත ආර්යාව දෙසට දිගු කරමිනි.

ආර්යාව සෙමෙන් තම ඇඟිලි තුඩින් එතුමාගේ සුරත වැළමිටේ සිට පහළට අත ගෑවාය. "ඇත්තම නේන්නං මේ මයිල් කෙලිං වෙලානෙව තියෙන්නෙ හොඳටම..මොකද අප්පේ මේ?" ඇය විමසූයේ කම්මුලේ අත තබාගනිමිනි.

"ඇයි නෝනෙ ඔයාට හිතාගන්න බැරිද? මේක මේ මල වදයක්නෙ..මට මේක කරන හැටි තේරෙන්නෙත් නෑ...මට ඕන කමකුත් නෑ...වෙලාවකට මට හිතෙනව අවුරුදු තුනකට ඉස්සෙල්ල පැරදුනානං මීට හොඳයි කියල. එහෙනං දෙයියනේ කියල අද ඉඳල මම නිදහස් මනුස්සයෙක්නෙ.."

"ඒ කිව්වෙ මට තේරුණේ නෑ..අවුරුදු තුනකට ඉස්සෙල්ල පැරදුනානං කොහොමද ඔයා අද ඉඳල නිදහස් මනුස්සයෙක් වෙන්නෙ?"

"මෙහෙමනෙ….." ජනාදිපති තුමා පැහැදිලි කරන්නට වූයේය. 

"එදා 2015 ජනවාරි 8 වෙනිද තිබ්බ ජනාදිපතිවරනෙං මම පැරදුනානං ආය දෙකක් නෑ මරා මාව හිරේ දානව අවුරුදු තුනකට.."

"ඒ කොහොමද එහෙම හරියටම කියන්නෙ අවුරුදු තුනකට කියල?"

"ඇයි නෝනෙ 2010 ජනාදිපතිවරනෙන් පැරදිච්චි අපේ ජෙනරල්ව හිරේ දැම්මෙත් අවුරුදු තුනකටනෙ. ඒ හින්ද මාවත් හිරේ දානව අවුරුදු තුනකට. අඩුත් නෑ වැඩිත් නෑ.."

"ඉතිං?"

"ඉතිංය කියන්නෙ එහෙම පැරදිල හිරේ ගියානං අද මම හිරෙං නිදහස්නෙ. එහෙමනං මරා ගාවට ගිහිල්ල කකුල් දෙක අල්ලල වැඳල හරි ආයම ඇමතිකමක් ඉල්ලගන්ට තිබ්බ. එහෙමත් නැත්තං අර පරණ රස්සාවම උනත් අවුලක් නෑ. දෙයියනේ කියල හිතට නිදහසේ සන්තෝසෙං ඉන්ටවත් බැරිය...නැද්ද මං අහන්නෙ?"

"හ්ම්ම්ම් එහෙම බලනකොට ඔයාගෙ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ නම් තමයි...ඒත් දැං ඔය ගැන කතා කරල වැඩක් නෑනෙ...ඔයාගෙ කැමැත්තෙං අකමැත්තෙං වැඩක් නෑනෙ ඔයා තමයි රටේ ජනාදිපති..ඒ හින්ද ඒ වැඩේ පුලුවන් තරම් හොඳට කරන්ට හිතනව මිස වෙන අනම්මනම් හිතල වැඩක් ඇත?…"

"ඔයාගෙ කතාව හරි නෝනෙ..ඒත් මට තියෙන ප්‍රශ්නෙ කරන්ට කියල කිසිම වැඩක් මගෙ හිතට එන්නෙ නැති එකනෙ. අඩුමගානෙ රටේ ජනාදිපති කියල කෙනෙක් ඉන්නවයි කියලවත් මිනිස්සුන්ට දැනෙන්ට මොනවහරි කරන්ට එපාය. නැත්තං හතර විලි ලැජ්ජාවයි නෙව.."

ආර්යාව මුවින් නොබැණ තම සැමියා දෙස බලා සිටින්නට වූයේ හදපිරි සන්තාපයෙනි. 

"දැන් බලන්න නෝනෙ..මට අලුතෙං කරන්ට දෙයක් නැති හින්දම තමයි මම ඔය ඇමතිල කරන එක එක එව්ව අවලංගු කරන්නෙ…"

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ මතකද අර මංගල ගෙනාව යෝජනාවක් බියර්වලට ගහන බද්ද අඩුකරන්ට කියල. ඇයි මම ඒ ගැසට් නිවේදනය අවලංගු කලේ?"

"ඇයි?"

"ඇයි කියන්නෙ මට ඕන වුනා රටේ මිනිස්සුන්ට පෙන්නන්ට ජනාදිපති කියලත් මනුස්සයෙක් මේ රටේ ඉන්නවය කියල. එතකොට ඊට කලිං අර මඩුවලිග කතාව, එතකොට කඩුව ගන්න කතාව..එව්ව ඔක්කොම එහෙම හිතාගෙන කියපුව…"

"ඒකනෙ මම ඒත් කල්පනා කලා අපෙ අප්පේ මේ පණපිටින් දිවිය ලෝකෙ ගිය සුළුගුළු උපාසක වගෙ ගෙදරදි කණට ඇහෙන්ට වචනයක් කතා කරන්නෙ නැති මනුස්සය ඉස්ටේජ් එකට නැග්ගම පරල වුනා වගෙ හතර අතටම පස් පඩංගුවෙ බැණ අඬ ගහන්නෙ මොන යකෙක් වැහිලද කියල...හිහ්..හිහ්..මේකයි එහෙනං හේතුව ඈ…"

"ඔව්..ඔව්..ඒක තමයි හේතුව…"

"ඉතිං ඔයා තව මොනවද ඉස්සරහට කරන්ට හිතාගෙන ඉන්නෙ රටේ ජනාදිපති කෙනෙක් ඉන්නවයි කියල මිනිස්සුන්ට දන්නන්ට?"

"දැනට දෙකක් මයෙ හිතේ තියනව.." ජනාදිපති තුමා පැවසූයේ සුරතේ දබරැඟිල්ල සහ මහටැඟිල්ල විදහා දක්වමිනි.

"ඒ මොනවද?"

"එකක් අර බවලත්තුන්ට අරක්කු විකුණන්ට තහනම්ය කියල තියන නීතිය අයිං කරන්ට ගෙනාපු යෝජනාව අවලංගු කරල දාන්ට.."

"අනික?"

"අනික මම හිතාගෙන ඉන්නෙ සුපිරිං කෝට් එකෙං අහන්ට මගේ ජනාදිපති ධුර කාලය අවුරුදු පහක්ද හයක්ද කියල…"

"ඇයි අනේ ඔයා ඡන්දෙ ඉල්ලුවෙ ධුර කාලය අවුරුදු හතරක් කරන්ට උනත් කැමතියි කියල නේද? එහෙම එකේ ධුර කාලය අවුරුදු පහක්ය කියල ව්‍යවස්තාවත් වෙනස් කරල තියෙද්දි ආයම අවුරුදු හයක් ඉන්ට පුලුවන්ද කියල අහන්ට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගෙ හිතෙන්නෙ එහෙම නැද්ද? මට නම් නිකං මහ මොකක්ද වගේ..."

"ඔන්න ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ...මෙච්චර මේ අවුරුදු ගාණක් මාත් එක්කම ඉන්න ඔයත් ඔහොම හිතනකොට රටේ ලෝකෙ මිනිස්සු කොහොම නොහිතයිද? මට කිසිම ඕන කමක් නෑ අවුරුදු හයක් මේ සුමේ කොරන්ට…"

"එතකොට එහෙනං එහෙම එකක් අහන්නෙ අහවල් දේකටද?"

"එහෙම එකක් මම අහන්නෙ හේතු දෙකක් හින්ද?"

"එක මොකක්ද?"

"එක ඇවිල්ල මම මේ ඊයෙ පෙරෙයිද ඔය නඩු කාරයො ඔක්කොගෙම පඩි වැඩිකලා අස්ප ගණං වලිං. ඉතිං මම හිතුව යකෝ මෙච්චර පඩියකුත් ගෙවන එකේ මේ යක්කුංගෙං හරි හමං වැඩක් ගන්ට එපාය කියල. ඉතිං මම හිතුව මෙවුන්දලාගෙං කාලීන පස්නවත් අහමුය කියල. ඒක හින්දයි මම ඔය පස්නෙ උන්දලාගෙං අහන්නෙ"

"එතකොට දෙක?"

"ආ..දෙක මෙහෙමයි...ඔහොම පස්නයක් සුපිරිං කෝට් එකෙං ඇහුවම ඔය විස්තරේ පත්තර රේඩියෝ ටී.වී. එකේ එහෙම යනවනෙ. එතකොට මිනිස්සුන්ට මතක් වෙනව යකෝ 2015 ජනවාරි 8 වෙනිද අපි මෙහෙම කෙනෙක් පත්කර ගත්ත නෙවද ජනාදිපති හැටියට කියල...මොකද සුපිරිං කෝට් එකෙං මම අහන්ට හිතාගෙන ඉන්න ස්නෙ මෙහෙමයි..."

President Maithripala Sirisena, in terms of Article 129 (1) of the Constitution, has referred to the Supreme Court the following question for consideration and for an opinion to be submitted to the President on or before January 14, 2018…..

Whether, in terms of Provisions of the Constitution, I, as the person elected and succeeding to the office of President and having assumed such office in terms of Article 32(1) of the Constitution on January 9 2015, have any impediment to continue in the office of President for a period of six years from January 9 2015, the date on which the result of my election to the office of President was declared.”

"දැං බලන්ට නෝනෙ ඔය ස්නෙ තියනවනෙ සම්පූර්න විස්තරේම. මම පත්වුනේ කවුරු හැටියටද? එතකොට මම දිවුරුං දුන්නෙ කවදද? ඒ අවුරුදු කීයකටද? අන්න ඒ සියලු විස්තර ඒ ස්නෙ අඩංගු වෙලා තියනව. ඒ පස්නෙ කියවන ඕනම කෙනෙකුට අබමල් රේනුවක තරම්වත් සැකයකින් තොරව ඔප්පු වෙනව ලංකාවෙ වර්තමාන ජනාදිපති කවුද කියල. මට ඕන කරන්නෙත් ඔන්න ඔච්චරයි. එහෙම නැතුව තව අවුරුද්දක් මේ මල වදේ විඳින්ට එහෙම නෙවෙයි. හුහ්. මයෙ බල්ලටවත් එපා. ඊට හොඳයි පොලොන්නරුවෙ ගිහිල්ල මයියොක්ක පඳුරක් දෙකක් හදාගෙන ඉන්නව. අනික සුපිරිං කෝට් එකෙං කිව්වත් මට අවුරුදු හයක් ඉන්ට පුලුවන්ය කියල මම හිතාගෙන ඉන්නෙ තැන්කියූ යුවර් ඔනර්. මට අවුරුදු පහක් හොඳටම ඇති කියල අවුරුදු පහෙං පස්සෙ දමල ගහල ගෙදර යන්ට. දන්නවාද? අන්න එහෙමයි අපි හුහ්..."

"මම දන්නවනෙ ඔයා ගැන…" ආර්යාව සෙමෙන් පැවසුවාය.

"අනික නෝනෙ මේ රටේ හැම තැනම මහ හාහෝවක් පැතිරුනානෙ මගෙ ධුර කාලය අවුරුදු පහක්ද හයක්ද කියල. කොටිම්ම උදේට උදේට මට පත්තරේ ගේන අර පත්තර කොලුවත් මයෙං ඔය ගැන ඇහුවය කිව්වම..."

"නෑ?..."

"නෑ නෙවේ ඔව්...කොහොමද දන්නවද ඌ ඒක මයෙං ඇහුවෙ?...,මේ ලොකු සෑර් කිව්වට අමනාප අවෙන්ට එපා….. ඔබතුමාගෙ දුර කාලය අවුරුදු පහද නැත්තං හයද හැබෑටම?"

"ඉතිං?"

"ඉතිං මම ආපිට ඇහුව බොල කොලුවෝ බොට මොටද ඒකෙ වගක්?...අනික මොකෝ උඹ එහෙම අහන්නෙ? කියල....ඒ පාර කොලුව කියපි නෑ ලොකු සෑර් ඊයෙ මම අහගෙන අපෙ තාත්තයි බාප්පයි ටිකක් වැඩිවෙන්ට ගහල ඔය ගැන මහ හයියෙං වාද කරනව අපෙ බිතක්කනේ ඉඳගෙන...බාප්ප පහයි කියනව....තාත්ත හයයි කියනව ...පහයි...නෑ හයයි....නෑ පහයි...නෑ හයයි....අන්තිමට කොහොම හරි දෙන්න මිදුලෙ පෙරලි පෙරලි ගුටි ඇන ගත්තයිදත් කොහෙද....ඔන්න ඔහොමයි පත්තර කොලුව කිව්වෙ...

"දෙයියංටම පෙනීයං…" ආර්යාවගේ දෑස විස්මයෙන් විශාලවී තිබිණි.

"හන්දියක් හන්දියක් ගානෙ මිනිස්සු ඒ ගැන කතා වෙන්ට වාද කරන්ට අරගෙන තියනව කියල මට රහස් ඔත්තු ආරංචි මාර්ග වලිං දැනගන්ට ලැබුන. කොටින්ම අතන අර කිරුලපන හන්දියෙ කට්ටි දෙකක් බෝම්බ කඩු කිණිසි වලිං සන්නද්දව ඇන කොටාගෙනත් තියනව. හත් අට දෙනෙක් ඉස්පිරිතාලෙත් ගිහිල්ල. අනික ඊයෙ පෙරෙයිද අර ජයවර්දන පුර ඉස්පිරිතාලෙ නේස් නෝනල මහත්තුරු ඉස්ටැයික් කලා. ඒ මොකටද? කිව්වෙ නං ඇඟිලි අස්සං යන්තර පස්නයක්ය කියල. ඒත් ඇත්ත හේතුව මේ මගේ ධුර කාලය ගැන තිබ්බ විචිකිච්චාව. දැං ඒ ඔක්කොම හරි. ජනාදිපති හැටියට මගේ යුතුකම රටේ ජනතාව සුකිතව මුදිතව ජීවත් වෙනවදැයි කියල හොයල බලල එහෙම නැත්තං එව්වට පිලියං යෙදිල්ල. අන්න ඒකයි මම මෙහෙම පස්නයක් සුපිරිං කෝට් එකෙං ඇහැව්වෙ. ඔන්න ඔය රටේ ජනතාව අතර ඇති කුකුස හින්දම තමයි සුපිරිං කෝට්ටෙකෙං ඔය පස්නෙ ඇහුවට පස්සෙ මම කියල තියෙන්නෙ මයෙ මාද්දිය ඒකකේට මෙන්න මෙහෙම මාද්දිය නිවේදනයක් නිකුත් කරන්ටෙයි කියල..."

"Meanwhile the President’s Media Division, issuing a statement, said that two different views have been expressed in legal, civil and political circles about the duration of the term of Presidency after the enactment of the 19th Amendment to the Constitution. In order to dispel this confusion, the President has sought the opinion of the Supreme Court regarding the actual term of office."

"ඔයා නං ඇත්තටම දෙයියෙක් මෛත්‍රී" ආර්යාව ඇඳසිටි හවුස් කෝට් එකේ කොලරය ඔසවා කඳුලක් පිස දැම්මාය. "ඔයාට තව අවුරුද්දක් බලයේ ඉන්ට කිසිම ආසාවක් නැතිඋනත් රටේ ජනතාව වෙනුවෙන්නෙ ඔයා ඔය පස්නෙ සුපිරිංකෝට්ටෙකෙං අහන්ට යන්නෙ...මට ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන…."

ඒ දුටු ජනාදිපතිතුමාගේද දෑස් තෙත් වුයේ නිතැනිණ.

"මම හිතාන ඉන්නෙ නෝනෙ ඔය සුපිරිං කෝට්ටෙකෙං පස්න අහන වැඩේ දිගටම කරගෙන යන්ට.." ජනාදිපතිතුමා පැවසූයේ මෙතෙක් හිඳසිටි අසුනින් නැඟී සිටිමිනි.

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ රටේ මිනිස්සුන්ට මමයි රටේ ජනාදිපති කියල අමතක වීගෙන එනකොට ඔන්න මම අහනව සුපිරිං කොට්ටෙකෙං නොම්මර එකේ ආතල් ද බ්‍රේව් පස්නයක්. එතකොට ඔන්න රටම හෙල්ලිල ගිහිල්ල හැමෝන්ම දැනගන්නව රටේ ජනාදිපති මමය මා එක්ක සෙල්ලං බැරිය කියල...හෙහ්,හෙහ්"

පලි - ජනාදිපතිතුමා ඊලඟට සුපිරිංකෝට් එකෙං අහන්ට යන පස්න මොනවාද? ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.

33 comments:

  1. තව සැරයක් කියවල එඤ්ඤං ඈ.

    ReplyDelete
  2. ආ.... කතාවට මඳ විරාමයක් වගේ.... කමක් නෑ ඉතින් ඉදලා හිටලා මෙහෙමත් හොදා... හි හී

    ReplyDelete
    Replies
    1. සඳා,

      අන්න ඒකනෙ බං ඉඳහිට පොඩි වෙනසකුත් තියෙන්ට එපාය..

      ඉඳහිට හමුවන මේ පුංචි වෙලාවේ..ඇයි මේ තරමට අගය හිනාවේ....

      Delete
  3. තමා 2015 ජනාධිපතිවරණය ජයගත්තේ පොදු අපේක්ෂකයෙක් ලෙස නිසා, මීළඟ ජනාධිපතිවරණයට එජනිසයෙන් ඉදිරිපත් වී ජයගතහොත් සැලකෙනුයේ නව ජනාධිපතිවරයෙකුගෙ පළමු ධූර කාලය ලෙසද, නැතිනම් හිටපු ජනාධිපතිවරයාගේ දෙවන ධූරකාලය ලෙසද?

    19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, එනම් ජනාධිපති ධූරය දැරිය හැකි අවස්ථා ගණන සීමාරහිත කිරීම, නැවත බලගැන්විය හැකිද?

    ReplyDelete
    Replies
    1. Thisara,

      ඊයේ මධ්‍යම රාත්‍රියෙහිදී ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද විශේෂ ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වේ...

      පසුගියදින ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නිගමනය ලබාගනුවස් පහත සඳහන් ප්‍රශ්ණය ඒ වෙත යොමුකරන ලදී.

      එනම්....

      "තමා 2015 ජනාධිපතිවරණය ජයගත්තේ හංසයා ලකුණින් ඉදිරිපත්ව නිසා, මීළඟ ජනාධිපතිවරණයට වෙනත් ළකුණකින් ඉදිරිපත් වී ජයගතහොත් සැලකෙනුයේ නව ජනාධිපතිවරයෙකුගෙ පළමු ධූර කාලය ලෙසද, නැතිනම් හිටපු ජනාධිපතිවරයාගේ දෙවන ධූරකාලය ලෙසද?"

      ඊට පිළිතුරු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත සඳහන් ව්‍යවස්ථානුකූල අර්ථනිරූපණය ජනාධිපති ලේකම් වෙත එවා ඇත.

      එනම්...

      "2105 ජනවාරි මස 08 වනදින පැවති ජනාධිපතිවරණයට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වූයේ හංසයා ළකුණිනි.එසේ හෙයින් මීලඟ ජනාධිපතිවරණයට ඒ මහතා හංසයාට වඩා විශාල කුරුල්ලකුගේ ළකුණින් ඉදිරිපත්ව ජයග්‍රහණය කලහොත් පූර්ව ජනාධිපතිවරණ ජයග්‍රහණය නොසළකා හැරිය හැක.

      එබැවින් හංසයාට වඩා විශාල ලෙස සැලකෙන පක්ෂීන්ගේ නාම ලේඛනයක් සත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයාගෙන් ලබාගෙන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත්කොට අනුමැතිය ලබාගත යුතුබව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කොට සිටී."

      Delete
  4. සුපිරිං කෝට් එකෙන් ඇසිය යුතු ඊලඟ ප්‍රශ්ණය.

    අර බ්ලොග් ලියන රවී කියන එකා දැන් හැමෝටම අමතක වෙලා. හැමෝම හිතන්නේ දැන් රවී නැහැ දැන් ලියන්නෙ ක්‍රිස් කියල එකෙක් කියල. ඒ නිසා ආයිමත් කොස් කෙල්ල, පොලොස් කෙල්ල, හෙරලි කෙල්ල, වාන් පතුල් මැල්ලුම් කරනවද එහෙම නැත්තං පාටකාවියගෙ 64 ට අහුවෙලා ක්‍රිස්ම වෙලා ඉන්නවද කියල.

    ReplyDelete
    Replies
    1. ඉයන් එක්ක මාත්...

      Delete
    2. ඉයන් & Dracky,

      මට දැඩි බලපෑම් කලේ අර හොඳුරු හඳවතී යෝදියි, මානවිකා අම්මණ්ඩියි මට මතක විදිහට..

      දෙයියම්පල්ල බැරිවෙයිද ඕකියො දෙන්න සුපිරිං කෝට්ටෙක ඉස්සරහට ඇදගෙන ඇවිල්ල අර සරත් සිල්ව එමානුවෙල් ප්‍රනාන්දුද කවුද එක දවසක් හිරේට දැම්ම වගෙ අඩුම ගානෙ එක දවසකටවත් හිරේ දාන්ට...

      Delete
    3. මානවී,

      හුහ් අඬල බේරෙන්නද හදන්නෙ? එව්ව කොහෙද මාත් එක්ක?

      Delete
    4. ඔය චිංචා මානවිකාව දවසකට හරි හිරේ දැම්මොත් අපි උපරිමාධිකරණ සංකීර්ණය වටලලා උද්ඝෝෂණ රැල්ලක් දියත් කරනව එහෙනං...

      Delete
    5. රවී තුමා,

      කොස් කෙල්ල, පොලොස් කෙල්ල, හෙරලි කෙල්ල, වාන් පතුල්, ගුරුවරී ගේ කතා, ඕන එකක් ලියන එකයි ඇත්තෙ මේ පුවක් මළ ඉලව් නැතුව, අපෙ මොකෝ?

      ඉයන් තුමා හා ඩ්‍රැකී තුමා,

      දැන් ඉයන් තුමා හිතන් ඉන්නේ මේ මනුස්සය ක්‍රිෂ් ගෙ කතාව ලියන එක නැවැත්තුවොත් අර කතා ඔක්කොම එක සීරුවට වරහන් වහල ඉවර කරාවි කියලද? ඔන්න එතකොට තමයි ක්‍රිකට් ගැනයි, පුවක් ගැනයි ලියන්නෙ. එහෙම නැත්නම් අලුත් කතාවක් පටන් අරන් ආයේ හැමෝම කරකවල අත අරීවී.

      අන්න ඒ නිසා තමයි අර ලියාගෙන ආපු ක්‍රිෂ් ගේ කතාවම ලියාගෙන යන්න ඇරියෙ. නැත්නම් මමත් මේ බ්ලොග් එකට මුලින්ම ඇබ්බැහි උනේ වාන්පතුල් කතා කියවල. ඒක තමයි අදටත් ෆේවරිට්.

      මට 64 මායම් නෑ අනේ. තිබුණත් මෙච්චර ලස්සන ආදර නිල් දෑස් දැකපු, ලස්සන නර්ස් නෝනල දැකපු, කවිකාරියෝ දැකපු, ගුරුවරියෝ දැකපු මිනිස්සුන්ව වෙනස් කරන්න තරම් මගේ 64 ප්‍රබල නෑ. :D

      Delete
    6. ඒකත් ඇත්ත එතකොට කැකිල්ලේ තීර්ණ අනුව හිරේ දාන්න වෙන්නෙ බ්ලොග් හදපු ගූගලයා.

      Delete
  5. එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් නිසාද අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මැතිදුන්ට මඩ ගසන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      කොහේද බං මඩක් ගැහුවෙ? ජනාදිපතිතුමා අවුරුදු හයක් ඉන්ට ට්‍රයි කලේ බලලෝබෙ හින්දයි කියල කියන අසමජ්ජාති එවුංගෙ කටවල් වහන්ටනෙ මම ඇත්ත සිද්දිය ලිව්වෙ.

      මම කියන්නෙ එතුමා එහෙම කලේ තමන්ට අඹමල් රේනුවක වාසියක්ව ගන්ට එහෙම නෙවෙයිය තනිකරම රට ජාතියෙ අනාගත සුබාසිංසනය, ඝර්ෂණ සංගුණක ක්‍රමාකුංචනය සහ කර්ණ පටහ පටල ප්‍රදාහය උදෙසාය කියල...:)

      Delete
    2. //එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් නිසාද අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මැතිදුන්ට මඩ ගසන්නේ?//

      එතුමාට මඩ ගහන්න දෙයක් නෑ බං. ආයෙ තමන්ගෙම අතින් අරන් මඩ ගා ගන්නකොට.

      Delete
  6. අර කාටුන් එකේ ඉන්නේ සිරාවටම සිරා ජනාධිපති තුමාද? මටනම් පෙන්නේ නිකන් රනිල් වගේ

    ReplyDelete
    Replies
    1. සයුරි,

      මොකක්???... සිරා ජනාදිපති තුමා? මේ එන්ට එපා දන්නවද විදේසවල ඉඳගෙන හිටං අපේ අටිගරු එතුමාට කෝචොක් දාන්ට...හුහ්...

      එතුමා තමයි එතන ඉන්නෙ..අර චන්ද කාලෙ ඇඳපු මෝඩි ජැකට් එක එහෙම ඇඳගෙන ඉන්නෙ..:)

      Delete
  7. හෙහ් හෙහ් අපරාදේ කියන්න බෑ හරිම සරල ජනාධිපති කෙනෙක්. පත්තර ඇරුනහම වෙන කිසිම දෙයක් අහන්නේ බලන්නේ නෑ.. අරක්කු හුටපටේ දැනගෙන තියෙන්නෙත් පත්තරෙන් කියල BBC නිව්ස් එකේ තියෙනවා.
    http://www.bbc.com/news/world-asia-42682526

    රවියෝ රට හදන්න නම් බ්ලොග් ලියන එක නතර කරලා පත්තරේට ලියන්න වෙනවා.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      /අරක්කු හුටපටේ දැනගෙන තියෙන්නෙත් පත්තරෙන් කියල BBC නිව්ස් එකේ තියෙනවා/

      අන්න බලාපං මොන තරං සරලාභිධාන මනුස්සයෙක්ද කියල....වැරි වැරි සිම්පල් නෝ?

      මේ රට හදන්න බෑ බං...කුවේණිගෙ සාපෙ ලෙසටම වැඩ කරනව...:(

      Delete
  8. අම්මප ඕය උසාවියට ශ්‍රේෂ්ඨ කියල දැම්මේ මොකාද? supreme කියන්නේ ශ්‍රේෂ්ඨයි කියන එකට නොවෙයිනේ වඩාත්ම බලවත් කියන තෙරුමනේ එකට තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      Supreme කියන වචනෙට තේරුම් දෙකක් තියනව.

      supreme

      1.highest in rank or authority

      2.very great or the greatest

      එකක් උපරිම කියන එක..අනික ශ්‍රේෂ්ඨ කියන එක..බුදු හාමුදුරුවන්ට Supreme human being කියල කියනකොට එතන එන්නෙ ශ්‍රේෂ්ඨ කියන තේරුම.

      ඒත් මෙතන එන්නෙ උපරිම කියන තේරුම...සුපුරුදු පරිදි අපේ බාසා වෙල්ලො අල්ලගෙන තියෙන්නෙ වැරදි කොණෙං...මට මතකයි ප්‍රේමදාස ගොයිය ජනාදිපතිවෙලා ඉන්දැද්දි ඔය ශ්‍රේෂ්ඨාධිකරණය කියන නම වෙනස් කරල උපරිමාධිකරණය කියල හරියට භාවිතා කලා.

      ඔය අලුත්කඩේ උසාවි සංකීර්ණය විවෘත කලේ ඒ කාලෙනෙ. ඒකට ඒ කාලෙ කිව්වෙ උපරිමාධිකරණ සංකීර්ණය කියල. ඒත් එතුමාගෙන් පස්සෙ ආයම ශ්‍රේෂ්ඨාධිකරණය වුනා..

      General Manager මහා කළමණාකාර නොවී සාමාන්‍යාධිකාරී වෙන්නෙත් ඔය නොතේරුම්කම හින්දනෙ...:)

      Delete
    2. බොහොම සාරගර්භ ලබා දුන්නාට බොහොම ස්තුතියි,

      බොහොම ඉස්ස්සර (එකෝමත් එක)කාලෙක බුදුහාමුදුරුවෝ (හෝ ක්‍රිස්තුස් හෝ වෙනත් දාර්ශනිකයෙක්) ගැන හැදෑරු කවුරු හෝ විද්වතෙක්, ශ්‍රේෂ්ඨ කියන වචනේ තේරුම නොදත් නිසා ඩික්ෂනේරියක් ( ඒකාලේ වෙනකොට ඩික්ෂනේරි නොතිබුනත් මේක ඇවිල්ලා කාල යන්ට්‍රයකින් ගිය සංචාරකයෙකුට මිස්ප්ලේස් වෙච්ච එකක්) ඇසුරුකොට සොයාගත් supreme යන තේරුම දර්ශනිකයෝ හැඳින්වීමටත් යොදාගන්නට ඇතිය කියා. දැන් මේ යක්කු (පුරවැසියෝ) හිතාන ඉන්නේ සියලුම සුපිරිබලවත්තු ශ්‍රේෂ්ඨයෝය and vice versa කියාය.

      Delete
    3. වෙනස් වුනේ නෑ.
      ශ්‍රේෂ්ඨාධිකරණය = Supreme Court
      උපරිමාධිකරණ = Superior Courts = ශ්‍රේෂ්ඨාධිකරණය + අභියාධිකරණය .

      (Btw, to address superior courts' (SC+CA) judges - My Lord or Milord/M'lud NOT "Your Honour" )

      Delete
  9. අරක්කු හොඳ නෑ ගෑනුන් මිලදීගන්ට
    බැසියර් හොඳ නෑ ගෑනුන් විසිකරලන්ට
    සීට් හොඳා කුරුමිණියන් ගෙන් බේරෙන්ට
    කෝට් හොඳා හවහට වොලි බෝල් ගහන්ට

    හිටං හිටං ඩෝං.. 😄🔫

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      හෙහ්..හෙහ්..එහෙමම කියන්ටත් එපා බං....පව් නෙවද?

      Delete
  10. මේක මේ බුකියෙ දැකපු එකක්. මෙතන අලවන්න හිතුණ.

    අසූව දසකයේ දී ධම්ම ජාගොඩ " පළිඟු මැණිකේ " ටෙලි නාට්‍යය පුංචි තිරයට ගෙන ආ අතර පරම පිවිතුරු ගම නම් වූ නිමල බිම්කඩ නාගරීකරණයෙන් සහ සූරසේනලාගෙන් බේරා ගැනීම එහි කතා තේමාව විය.
    පළිඟු මැණිකේ වෙසෙන ගමේ තරුණියක් ආතුර වී " කොටට කොටේ කොට ගවුමක් - හැටට හැටේ ඇඳගෙන මං " යැයි අවසිහියෙන් නටන්නීය. සියලුම අබග්ගයන් අමතක කර මැදට පණින මැහැල්ලක් " කොට ගවුම් අඳින්නේ මොකටද ? මෙන්න මේ චීත්තේ ඇඳගනිංකෝ" යනුවෙන් රෙදිකඩක් දිගු කරන්නීය.
    ධම්ම ජාගොඩ පළිඟු මැණිකේ තුළ ඒ මැහැල්ලට ඉන් එහා භූමිකාවක් ලබා නොදුන් අතර ඇය කොට ගවුම් අඳින කෙල්ලන්ට චීත්ත ඇන්දවීමේ සුචරිතයෙන් පමණක් සැනහුණාය.
    වර්ෂ 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ජනපති ධුරයට පත් වූ අතර එදා ධම්ම ජාගොඩයන් අර මැහැල්ලට නොපැවරූ සෑම සියලු වගකීමක් ම ඔහු විසින් ස්වයං පවරා ගැනීමකට ලක් කර ඇත.
    අසූව දසකයේදී ජනපති තුමාගේ හිත යන්නේ කරඹ යායේ ලවැලි පාරේ විසාකා තොමෝ මෙන් ඇවිදින ජයන්තිලාට වුවද 2018 ජීවත් වන ජයන්තිලා එවරස්ට් කඳු මුදුනද තරණය කර පිරිමින් අභිබවා ගොස් හමාරය.
    - සහන් කසීර වික්‍රමසිංහ

    ReplyDelete
  11. අනේ මන්ද ඔය නීති වැඩක් ඇති දේවල් ද බන්. බොන ගෑනි කොහොමත් බොනව. ජනාධිපති ට හොරු අල්ලන්නොන නොදී හිටියෙත් ආණ්ඩුවේම අය . ඔය මිනිහට බැනල වැඩක් නැහැ .

    ReplyDelete
  12. උබ මෙහෙම මඩ ගහන්නෙ ngo සල්ලි අරං විජාතික බලවේග වල උවමනාවට නේද? අපේ සරල ග්‍රාමසේවක ජනපති ට එරෙහිව ලියන මේ බ්ලොග් එක වර්ජනය කරමු. මේ බ්ලොග් එකට එරෙහි වෙමු!

    🤣🤣🤣

    ජස්ට් අ ජෝක් මෙයා. මේක පට්ටම පට්ට.

    යු ටේක් කෙයා හොඳේ. සී යු ලෙටර්. හැව් අ ගුඩ් ඩේ.
    බායි

    👍🏽

    ReplyDelete
  13. අඩේ රවී තුමා... කොහොමෙයි කොහොමෙයි සැප සනීප... අපිත් කාලෙකින් නෙව.
    ආහ් සුබ අලුත් අවුරුද්දක් එහෙම...
    ඇත්තටම ඔහොම බෑන් එකක් තිබ්බද බං. අපිත් ඉතින් ඔය රට පුරා සක්කලන් කරන්නැහේ එකෙක් කියලා නෑනේ බං නෝනෙට නම් විකුණන්න බෑ කියලා.
    අනේ බයියෙක් ගෙනල්ල අපිට වෙච්ච දේ නේ... !

    ReplyDelete
  14. අර Praසන්ன කියන වලවෙට්ටුව මේකට ඊයෙ කොමෙන්ට් එකක් දැම්මෙ නැත්තෙ ඇයි කියල තමයි ඊගාවට අහන්නෙ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...